Home දේශිය පුවත් විදුලිය විසන්ධි කරන්න ආ මණ්ඩලේ නිලධාරියාට අංකල් පෙන්නපු දේ… සිදු වූ අකරතැබ්බය...

විදුලිය විසන්ධි කරන්න ආ මණ්ඩලේ නිලධාරියාට අංකල් පෙන්නපු දේ… සිදු වූ අකරතැබ්බය මෙන්න

0
32

මේක ටිකක් අමුතු සිදුවීමක්.. හිතාගන්නවත් බැරි වෙලාවක පුද්ගලයෙකුගේ හැසිරීමක් ගැනයි මේ කියන්න යන්නේ..

වැල්ලවාය විදුලි බල මණ්ඩල කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබෙනවා..

ඒ එම නිවසේ පුද්ගලයා විදුලි බිල නොගෙවීම හේතුවෙන්..

විදුලි සේවකයින් එම නිවසේ විදුලිය විසන්ධි කිරීමත් සමග උරණ වූ නිවෙස් හිමි පුද්ගලයා කැත්තක් රැගෙන විත් විදුලි සේවකයින්ට පහර දීමට උත්සාහ කරමින් ඔහුගේ කලිසම ගලවා පෙන්වමින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා..

මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල නිලධාරීන් වැල්ලවාය පොලිසියට කල පැමිණිල්ලක් අනුව සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා..

Previous articleනිවසට රැගෙන එන බිත්තර සේදීම ඔබේ ජීවිතයත් අවදානමක දමාවි කියලා නිකමටවත් හිතුවාද..? ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න
Next articleරටක් ආදරේ කරන ක්‍රිකට් තරුව එයත් එක්ක ආයෙත් ප්‍රේමණීය වුනේ මේ කොහෙද ?
error: Content is protected !!
Verified by MonsterInsights