Home දේශිය පුවත් “ගෙදර එද්දි ගෑනි පේන්න හිටියේ නෑ. මට බාත්රූම් එක පැත්තෙන් පැටියෝ –...

“ගෙදර එද්දි ගෑනි පේන්න හිටියේ නෑ. මට බාත්රූම් එක පැත්තෙන් පැටියෝ – – – ගගා සද්දයක් ඇහුණා. සර්…” – අනුරාධපුර ග්‍රාමයක් කම්පාවට පත් කළ අනියම් හුටපටය.. ප්‍රියංකර සියල්ල පාපොච්චාරණය කරයි..

0
3024

“ඌ පොලිසියට ආවේ මන්නයක් අතේ තියාගෙන.. මගේ ඇඟ හිරිවැටිලා ගියා ඒක දැක්කම.. මන්නෙ පුරාම ලේ වැගිරෙනවා..

දෙයියනේ… මචං… ඒ වෙලාවෙ පොර හිටියේ හෙන සයිලන්ට්…!! ඒ කියන්නේ වචනයක් වත් නොකියා හෙන නිසොල්මනේ බලාගෙන හිටියා !! ටික වෙලාවකින් ඕඅයිසී මහත්තයා ආවම පොර කතාව පටන් ගත්තා…”

ඒක තමයි මචං මගේ පොලිස් ජීවිතේ දී මම අහපු අප්‍රසන්නම, අසික්කිතම කතාව…

ඒත් මට ඌ ගැන අනුකම්පා හිතුණා !!! පව් බං ඌ… කරන්නම දෙයක් නැති පාර, ඒ වගේ තීරණයක් අරගෙන තියෙන්නෙ…

“සර් මම ඒකි ආස හැමදේම ගෙනත් දුන්නා. කන්න කැමති මොනාද? ආස මොනාද හැමදේම දුන්නා. මම කළේ මහලොකු රස්සාවක් නෙවෙයි. කන්ට්‍රැක් වැඩ විතරයි කළේ. එහෙම වෙලත් මම ඒකිට සැළකුවා. වචනයකින් වත් නොසළකා ඉඳලා නෑ…”

“ඔහොම ගිහින් තමා මට ගෑනි ගැන නරක ආරංචි ආවේ. මම මුලින් ම විශ්වාස කළේ නෑ. ඇත්තටම මට ගෑනිව සීයට සීයක් ෂුවර්.. ඒකි මාර ලස්සනයි. ඉතින් මං හිටියේ ටිකක් විතර ආඩම්බරයෙන්. හැබැයි එහෙම වුණත් මට සැක කරන්න තරම් හේතු තිබුණෙත් නෑ..”

“දවසක් මම වැඩ ඇරිලා එද්දි තමා ඒකිගේ සේරම හොර මාට්ටු වුණේ… මුලින්ම සද්දෙ ඇහුණේ බාත්රූම් එකෙන්…පැටියෝ පැටියෝ ගගා මොර දෙනවා. මට යක්ෂයා ආවේස වුණා සර්.. පැන්න ගමන් අරූවයි මේකිවයි අල්ලගත්තා. ඒත් අරූ පැන්නා.. අතේ මුකුත් තිබුණේ නෑ… මම වටපිට බලලා අතට අහුවෙච්ච ආයුධෙන්ඒ කිට කෙටුවා සර්…”

“මට තරහයි සර්… මට ගොඩක් තරහයි. මම හිතලා කළේ නෑ. ඒත් මට කරන්න වුණා.. ඇයි සර් ඒකි මට එහෙම කළේ..මොන හේතුවකට ද ? මම කොච්චර ආදරේ කළාද ඒකිට..? ඇයි දෙයියනේ සර්… ඒකි මේ අහිංසක මාව මිනීමරුවෙක් කළේ…. සර් මට අරූව මරන්න වුවමනා නෑ.. මම ආවේ වරද භාරගෙන…”

“අරූ කොහෙන් මතුවුණත් මම ඌව මරලා දායි.. ඒ නිසා සර්…. මාව ඇරස්ට් කරන්න.. මම ඕන දඬුවමක් විඳින්නම්..”මට මතකයි ඌ උසාවියෙත් ඒ කතාවම කිව්වා. ඌට හිරේ යන්න වුණා. හැබැයි ඌ පට්ට පොරක්… මම හිතන්නෙ කාලයක් ගිහින් ඌ එළියට ආවා, යහපත් හැසිරීම නිසා…”

Previous articleඋණු උණු බත් එක ලන්ච් ෂීට් එකේ ඔතනකොට බත් එකට එකතු වෙන වස ගැන දන්නවද…බත් කොළේ බත් කන්න කලින් දෙපාරක් හිතන්න.
Next articleමූණේ එන කුරුලෑ නියපොතු වලින් කඩනවාද? මේක මොළයට බලපාන භයානක අනතුරක් කියලා දන්නවද…
error: Content is protected !!
Verified by MonsterInsights