Home දේශිය පුවත් බෑග් එක මාරු වුණාම ඇතුළේ ලක්ෂ 11ක්! මාලඹේ පිරිමි විද්‍යාලයේ අකිල පුතා...

බෑග් එක මාරු වුණාම ඇතුළේ ලක්ෂ 11ක්! මාලඹේ පිරිමි විද්‍යාලයේ අකිල පුතා කරපු කාටත් ආදර්ශයක් වෙන වැඩේ මෙන්න..

0
366
බස් එකේ යනකොට බෑග් මාරු වෙච්ච සිද්ධි ගැන අපි ඕනෑතරම් අහලා තිබුණත්, මාලබේ ප්‍රදේශයෙන් වාර්තා වන මේ කතාව නම් ඇත්තටම අදහාගන්නත් අමාරු එකක්.

වැරදිලාවත් තමන්ගේ අතට ආපු රුපියල් දසලක්ෂ අනූපන්දහසක (ලක්ෂ 11කට ආසන්න) මුදලක් නැවත එහි හිමිකාරියට ලබා දෙන්නට කටයුතු කරපු මේ පාසල් සිසුවා ගැන දැන් මුළු රටේම අවධානය යොමු වෙලා තියෙනවා.

දෙල්ගොඩ ඉඳන් මාලබේ පිරිමි ආදර්ශ විද්‍යාලයට බස් එකේ ආපු 11-E ශ්‍රේණියේ ඉගෙනුම ලබන අකිල දේශප්‍රිය සිසුවාට අත්වැරදීමකින් තමන්ගේ බෑගය වෙනත් බෑගයක් එක්ක මාරු වෙලා තියෙනවා. පස්සේ බෑගය විවෘත කරලා බලද්දී අකිල දැකලා තියෙන්නේ ඇස් අදහාගත නොහැකි දසුනක්. බෑගය පුරාම තිබිලා තියෙන්නේ රුපියල් පන්දහසේ නෝට්ටු මිටි.

තමන්ට ලැබුණු මේ අතිවිශාල මුදල දැකලා කලබල නොවූ අකිල, වහාම ක්‍රියාත්මක වෙලා තමන්ගේ පාසලේ සහකාර විදුහල්පතිතුමා මාර්ගයෙන් විදුහල්පති සිසිර ගුණරත්න මහතාව දැනුවත් කරලා තියෙනවා. බෑගයේ තිබුණු බැංකු පොතක් ආධාරයෙන් අදාළ හිමිකාරිය සොයාගන්නා තෙක් බෑගය සීල් තබා ආරක්ෂා කරන්නත් විදුහල්පතිතුමා පියවර ගෙන තිබුණා.

අවසානයේ මාලබේ පොලිස් ස්ථානාධිපති කලුවිතාරණ මහතාගේ මැදිහත්වීමෙන් මේ මුදල් තොගය එහි සැබෑ හිමිකාරියට භාර දීලා තියෙනවා.

නුගේගොඩ ප්‍රදේශයේ ගුරුවරියක වන ඇය, තමන්ගේ හීනයක් වුණු “නිවස හදාගැනීම” වෙනුවෙන් බැංකුවෙන් ලබාගත් මුදලක් තමයි මෙලෙස බස් රථයේදී අතපසුවීමකින් මාරු වෙලා තියෙන්නේ. තමන්ගේ මුදල් ටික නැවත ලැබීම ගැන ඇය අකිල පුතාටත්, පාසලේ කාර්ය මණ්ඩලයටත් හදවතින්ම ස්තූති කරලා තියෙනවා.
Previous articleදස වසරකට පසු හැබෑවක් වුණු, දිව්‍යංකා – විවේක් යුවළගේ දෙමාපිය සිහිනය…
Next articleවකුගඩුවල ගල් දියකිරීමට සමත් විශ්මිත පානයක්.. ඒ ගැන ඇසෙන විශේෂ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights