දරුවෙකුගේ හීන වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ආදරණීය තාත්තා.. දරුවන් කිරුළු දරන විට රහසේම හැමෝටම වඩා සතුටු වුණේ අපේ ආදරණීය තාත්තා..
සාරා අබේවර්ධන, අපි කවුරුත් ආදරය කරන ඇය මෙන්න මේ විදිහේ සටහනක් එකතු කළේ ඇගේ තාත්තා වෙනුවෙන්..
ජනප්‍රිය කලා තරුවක් වෙන ඇයව දිදුලවන්න ඔහු කළ කැපකිරීම් වචනයෙන් විස්තර කරන්න බැරි වුණත් සාරා ඇගේ ආදරණීය පියා ගැන මෙන්න මේ විදිහේ සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..
“සාක්කුවේ තිබ්බ අන්තිම රුපියලත් මට වියදම් කරේ තාත්තට හීන නොතිබුණ නිසා නෙමෙයි,
ඊට වඩා මගේ හීන වලට තාත්තා ආදරේ කරපු නිසා..!
අපි ගොඩ එන්න කටු කද්දී තමා තේරෙන්නේ..
අපිව ගොඩ දාන්න “තාත්තා” කාපු කට්ටේ තරම..!!
ආදරෙයි තාත්තේ… මගේ ලොකුම හයිය ඔයා..”

















