Home Uncategorized අලුත් පෙළවහකට ගියාම පරණ බිරියම මනමාලිය වෙලා …

අලුත් පෙළවහකට ගියාම පරණ බිරියම මනමාලිය වෙලා …

0
86

 

බලන්න ගිය මනාලිය කලින් බිරිය බව දැනගෙන පුදුමයට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණා …

ඔවුන් එකිනෙකාට ආදරය කර මාපියන්ගේ විරෝධය මැද විවාහ වී තිබුණා. එහෙත් එම විවාහය වැඩි කාලයක් නොපැවැතුණේ ඇය ගත කළ සුඛෝපභෝගී ජීවිතය ඔහුට ලබාදීමට නොහැකි වූ නිසා. ඔහු ඉතා කඩවසම් තරුණයෙක් වුව ද දිළිඳුකම ඔහු උපන් දා සිට පැවැතුණා.

හරි හැටි නිවෙසක් හෝ රැකියාවක් නොමැති ඔහු එදිනෙදා කුලී වැඩක් කරමින් කුලී නිවෙසක ජීවත් වුණා.. ඇය මවුපියන්ට අකීකරුව ඔහු සමග ආ හෙයින් ඇයට ඇයගේ නිවෙසින් ද කිසිවක් ලැබුණේ නැහැ. ඇය පෙර ජීවිතයේ ලැබුණු සුඛෝපභෝගී ජීවිතය සම්පූර්ණයෙන්ම ඇයට අහිමි වෙද්දී ඇයට ඔහු වහ කදුරු වුණා…

කෙසේ හෝ තම විවාහ ජීවිතය රැක ගැනීමට ඔහු කොතරම් උත්සාහයක යෙදුණ ද එය අසාර්ථක වෙද්දී ඔවුන් නීතියේ පිහිට පතා වෙන්වීමට තීරණය කර අවසන දෙපැත්තට වෙන් වුණා…

කෙසේ වෙතත් කාලයත් සමග තරුණයා සිය මිතුරන් සමග මැණික් පතල් රැකියාවට ගොස් ක්‍රම ක්‍රමයෙන් දියුණු වී පසුව ඔහු මැණික් ව්‍යාපාරිකයකු බවට පත්වූයේ තමන්ගේ දිරියවන්ත බව නිසා. තනිකඩව ජීවත් වූ ඔහුට මඟුල් කපුවන් කොතරම් යෝජනා ගෙන ආවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේ පෙර බිරියට ඇති ආදරය නිසා.

මවුපියන්ගේ බල කිරීම නිසාම ඔහු එක් මනාලියක බැලීමට අමාරුවෙන් හිත හදාගෙන ගියා.

කපුවා කී ලෙස ඇය කලින් විවාහ වූ දරුවන් නොමැති වැන්දඹු කාන්තාවක්.

ඔහුට තරම් වත් පොහොසත්කම් නොමැති බවත්, ඉතා අමාරුවෙන් කුලී නිවෙසක ජීවත්වන බවත් කපුවා පැවැසූ විට ඔහුගේ මවුපියන් පවසා ඇත්තේ “අනේ ඉතින් අපි කියලා කලින් කෝටිපතියන් නෙවෙයිනේ, අද අපේ ළඟ තියෙන සල්ලි හෙට වෙන කෙනෙක් ළඟ”‍ යනුවෙන්.

නියමිත මනාලිය බැලීමට සියල්ලෝම මනාලියගේ නිවෙසට ගිය අතර, මනාලිය හා මවුපියන් දැක ඔවුහු විශ්මයට පත්වූණා.

මේ තමන් කලින් විවාහ වී සිටි බිරිය බව දැනගත් ඔහු “දැන් නම් මට ඔයා හොඳින් බලාගන්න පුළුවන්. ඔයා කැමැති නම් එන්න, හැබැයි මමත් කවදා හරි ඔයාලා දැන් ඉන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්” යැයි පවසා තිබුණා …

ලජ්ජාවෙන් බිම බලාගත් ඇය ඔහුගේ කීමට එකඟ වුණා…

උපුටා ගැනිමක් ..

Previous articleඅම්පාර පුරවරයේ විවිධ සම්මාන පිට සම්මාන ලැබු ඔහුට ලැබුණු වටිනාම සම්මානය දරුවන්ගේ ආදරය….. ලෙන්ගතුකම…
Next articleඔයත් ඩයට් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්ද ? දැනටමත් ඩයට් කරන කෙනෙක්ද ? ඩයට් කරනවා නම් දැනගෙන කරන්න. නොදැන කරලා අමාරුවේ වැටෙන්න එපා…
error: Content is protected !!
Verified by MonsterInsights