මනුෂ්‍යත්වය සහ දෙමාපිය ගුණධර්ම පසෙකලා භෞතික සම්පත් පසුපස හඹා යන සමාජයක, හදවත නතර වන සුළු පුවතක් පසුගියදා වාර්තා වුණා.
ඒ, ෆිනෑන්ස් (Finance) ආයතනයක් ඉදිරිපිටදී තමන්ගේම පියාට ඉතාමත් අමානුෂික සහ හිංසාකාරී අයුරින් දියණියක හැසිරෙන අයුරු දැක්වෙන සිදුවීමක්.
වාර්තා වන අන්දමට මෙම ආරවුල හටගෙන ඇත්තේ අලුතින් වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඉල්ලා එම දියණිය තම පියාට බලපෑම් කිරීමත් සමඟයි.
පියා එම ඉල්ලීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, ප්‍රසිද්ධියේම ඔහුට අපහාස කරමින් සහ හිංසා කරමින් ඇය හැසිරුණු ආකාරය දුටු බොහෝ දෙනෙක් පවසන්නේ අද සමාජයේ සදාචාරය පිරිහී ඇති බවයි.
එම දියණිය අද සිටින තත්ත්වයට ඇයව ඔසවා තැබීමට එම පියා වසර ගණනාවක් තිස්සේ කොතරම් කැපවීම් කර ඇත්දැයි ඇයට අමතක වී තිබීම කාගේත් දෝෂදර්ශනයට ලක්වුණා.
පියෙකු යනු ජීවත්ව සිටින කාලයේ බොහෝ දෙනෙකුට අගයක් නොදැනෙන, නමුත් මෙලොව හැර ගිය පසු කිසිදා පිරවිය නොහැකි හිඩැසක් බව මෙම වීඩියෝවට ප්‍රතිචාර දක්වන පිරිස් පවසා තිබුණා.
තාක්ෂණයෙන් ලෝකය දියුණු වුවත්, මිනිස් සිත් මෙතරම් පහත් තත්ත්වයට පත්වීම ඇත්තටම කණගාටුදායකයි.
මුහුණු පොත ඇසුරෙන්..










