බඩ අඩු කරගන්න කියලා හැමෝම Gym යන කාලේ වාඩී වෙලා ඉදලා බඩ අඩු කරගන්න පුලුවන් සුපිරි ක්‍රමයක් මෙන්න.

බඩ අඩු කරගන්න කියලා හැමෝම Gym යන කාලේ වාඩී වෙලා ඉදලා බඩ අඩු කරගන්න පුලුවන් සුපිරි ක්‍රමයක් මෙන්න.

මේ කතාව නම් අපි හැමෝටම වැදගත්..office යන අයට , ඒ වගේම තරුණ අයට ,වැඩිහිටි හැමෝටම..අපි මුහුණ දෙන ගැටලුවක් තමා ඉදිරියට බඩ නෙරා ඒම… මේක ලේසියෙන්ම අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි මේ කියන්නේ..

අපි බොහෝදෙනෙක්ගෙ දවසෙන් වැඩි කාලයක් අපි ගත කරන්නේ වාඩිවී සිටින ඉරියව්වෙන්නෙ.

ඔයත් සමහර විට යන යන ඕනෑම තැනක වාඩිවෙන්න තැනක් බලන, බිම හරි වාඩිවෙලා ඉන්න කැමති කෙනෙක් වෙන්න ඇති.

ඒ විදිහට ඉන්න ඔබට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඔබේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි නම් මේම වාඩිවෙලා ඉන්න එක සමහරවිට ඔබට ඔබේ කකුල් සහ කොන්දට පහසුවක් වෙන්නත් පුළුවන්.

ඒම ඔබට ව්‍යායාම මඟින් ඔබේ බර විශේෂයෙන්ම බඩ ප්‍රදේශයේ අනවශ්‍ය මේදය දහනය කරගන්නෙ කොහොමද කියල ගැටළුවක් ඇති.

අන්න ඒ ගැටළුවට විසඳුමක් අරන් ඔන්න අද  අපි මේ ලිපිය ඔබත් එක්ක බෙදාගන්න තීරණය කරා.

එහෙනම් අපි අද බලමු වාඩිවී ඉන්න ගමන්ම කරන්න පුළුවන් බඩ අඩුකරගන්න උපකාර වෙන ව්‍යායාම මොනවද කියල?

1.මුලින්ම, ඔබේ උරහිස් ඔබ වාඩිවී සිටින පුටුවේ ඇන්දට හේත්තු කරගෙන ඔබේ කොන්ද ඍජුව තබාගන්න.

ඊළඟට, දැන් ඔබේ කකුල් ඉදිරියට දිගු කර ඉහළට ඔසවන්න.

කකුල් දිගුකර තිරස්ව ඉහලට ඔසවා එක මත එක උඩින් යවමින් වාර 20 ක් පමණ මේ ව්‍යායාමයේ නිරත වෙන්න ඔබට පුළුවන්.

2.Bent knee rotation

පෙර පරිදිම ඔබ වාඩිවී සිටින පුටුවේ ඇන්දට ඔබේ උරහිස් හේත්තු කරගෙන කොන්ද ඍජුව තබාගන්න.

ඔබේ දණහිස් නමා එකිනෙක සමඟ ගෑවෙන සේ ලංකරහෙන ඉහළට ඔසවන්න.

දැන් මේ නැමූ දණහිස් සමඟ සම්පූර්ණ කකුලම අංශක 360 ක් රවුමට කරකවා ගන්න.

3.Pulling your knees to your chest and straightening your legs

මුලින්ම, ඔබේ උරහිස් පුටුවේ ඇන්දට හේත්තු කර කොන්ද ඍජුව තබාගන්න.

ඊළඟට, කකුල් දෙක නවා දණහිස් එකට ගෑවෙන සේ තබාගෙන සෙමින් ඔබේ පපුව කෙලින් සිටින සේ දණහිස් වලින් නමාගෙනම කකුල් ඔසවන්න.

ඒ ඉරියව්වෙන් විනාඩි තත්පර 03 ක් සිට කකුල් ඔසවාගෙනම ඉදිරියට දිගු කරන්න.

ඒ ඉරියව්වෙනුත් තත්පර 03 ක් ඉන්න.

එක් ඉරියව්වකින් වාර 10 ක් බැගින් මේ ව්‍යායාමය කරන්න ඔබට පුළුවන්.

4.Pull your knees toward your chest

ඔබට පහසු ආකාරයකින් මුලින්ම පුටුවේ වාඩිවෙන්න.

එක් කකුලක් දණහිසෙන් නමා එම දණහිස අත් දෙකෙන් අල්ලා එම නැමූ කකුල ඔබේ පපුව ඉදිරියට ගෙන එන්න.

එම ඉරියව්වේ තප්පර 03 ක් රැඳී සිටින්න.

තප්පර 03 කට පසු මුල් ඉරියව්වට පැමිණ අනෙත් කකුලත් ඒ ලෙසම නමා තත්පර 03 ක් රැඳී සිටින්න.

මෙලෙස එක් කකුලකට වාර 15 ක් බැගින් කරන්න ඔබට පුළුවන්.

5.Leaning forward

ඔබේ ඇඟිලි පටලවා අත් හිස පිටුපසින් තබාගන්න.

දැන් කොන්ද ඍජුව තබාගෙන කොන්ද ඉදිරියට නමා ගන්න.

තත්පර 03 එලෙස සිටිමින් නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න.

මෙලෙස වාර 15 ක් මේ ව්‍යායාමයේ නිරත වෙන්න.

6.Twists for your obliques

ඔබේ ඇඟිලි පටලවා අත් හිස පිටුපසින් තබාගන්න.

ඔබේ කකුල් සහ ඉණ එකම ඉරියව්වකින් නිශ්චලව තබා කඳ ප්‍රදේශය දකුණට කරකවන්න.

තත්පර 03 ක් එලෙස සිටිමින් නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න.

ඊළඟට, වම් පැත්තටත් එලෙසම කරකවන්න.

තත්පර 03 ක් සිට නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න.

එක් පැත්තකට වාර 10 බැගින් මෙලෙස මේ ව්‍යායාමයේ නිරත වෙන්න.

ඔබ වාඩිවෙලා ඉන්න ගමන් එහෙනම් මේ ව්‍යායාම වල නිරත වෙලා වෙනසක් තියෙනවද බලන්නකෝ.

සමබර ආහාර වේලක් වගේම යහපත් ජීවන රටාවත් මේ ව්‍යායාම වගේම වැදගත් කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

සටහන – දුලානි නවෝද්‍යා.

Uncategorized