Home දේශිය පුවත් සම වයසේ අය විනෝදයෙන් කාලය ගත කරද්දී ඇයගේ අරමුණ තිබුණේ වෙනස්ම තැනක.....

සම වයසේ අය විනෝදයෙන් කාලය ගත කරද්දී ඇයගේ අරමුණ තිබුණේ වෙනස්ම තැනක.. ප්‍රංශයම හොල්ලන යාපනයේ අපේ කෙල්ලෙක් ගැන ඇසෙන විශේෂ ආරංචියක් මෙන්න.

0
286
ඇය යාපනයේ සුන්දර කයිට්ස් (Kayts) දූපතේ උපත ලැබූ පදිංචිකාරිනියක්. යුධමය වාතාවරණය නිසා කුඩා කලදීම ඇය ඇතුළු පවුලේ පිරිසට මව්බිම දාලා ප්‍රංශයට සංක්‍රමණය වෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ ගමන අද ඇයව නතර කරලා තියෙන්නේ ප්‍රංශ පාලන තන්ත්‍රයේ ඉහළම තැනක.

ප්‍රංශය කියන්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය උපන් රට. ඒ රටේ දේශපාලනය කරන්න ඕනෑම කෙනෙකුට බැහැ. හැබැයි, යාපනයෙන් ගිහින් පැරිස් නුවර දේශපාලන කරළිය තමන්ගේ අතට ගත්ත අපූරු තරුණියක් ගැන දැන් මුළු ලෝකයම කතා වෙනවා. ඇය නමින් අතිතියා ආනන්තරාජා (athithiya anantharajah).

පසුගියදා ප්‍රංශයේ පොන්ටෝ-කොම්බෝ (Pontault-Combault) නගරයේ නියෝජ්‍ය නගරාධිපතිවරිය විදිහට අතිතියා තේරී පත්වුණේ මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම ආඩම්බරයක් ගෙන දෙමින්.

“දේශපාලනය සහ පොදු සේවයට මගේ හිත ඇදුණේ මගේ පවුල් පසුබිම සහ මගේ අතීතය නිසා” කියලා අතිතියා නිහතමානීව පවසනවා.

බොහෝ තරුණියන් 19 වැනි වියේදී විනෝදයෙන් කාලය ගෙවද්දී, අතිතියා තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කළේ නගර සභා මන්ත්‍රීවරියක් විදිහට. 2020 ඉඳන් 2026 වෙනකම් ඇය තරුණ කටයුතු පිළිබඳ මන්ත්‍රීවරිය විදිහට කළ වැඩකොටස සුළුපටු නැහැ.

Quartier Jeunes නමින් අවුරුදු 11-17ත් අතර යොවුන් පිරිස වෙනුවෙන් ඇය විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. ඒවගේම පරිසරය රැකීම සහ ආබාධිත ප්‍රජාව සමාජගත කිරීම වෙනුවෙන් ඇය කළ දැනුවත් කිරීමේ වැඩමුළු ප්‍රංශ වැසියන්ගේ දැඩි පැසසුමට ලක්වුණා.

අතිතියාගේ කැපවීම සහ උනන්දුවට නිසි ගෞරවය ලැබුණේ මෙවර පැවති නගර සභා මැතිවරණයෙන්. එහිදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් එක්ක 2026 මාර්තු මාසයේදී ඇය පොන්ටෝ-කොම්බෝ නගරයේ නියෝජ්‍ය නගරාධිපතිවරිය විදිහට දිවුරුම් දුන්නා.

දැන් ඇයගේ ඊළඟ ඉලක්කය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කරමින් ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් කැපවීමයි.

Previous articleරටක් ආදරේ කරන ජනප්‍රිය යොවුන් නිළි හ ර් ෂි රසංගා ඇග පුරා ගහගෙන ඉන්න ලස්සනම ලස්සන ටැටූ ටික මෙන්න ?
Next articleවියළි කාලගුණය හමුවේ පාසල් කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ ආරංචියක්..
error: Content is protected !!
Verified by MonsterInsights