මේ ඉන්නේ අජේ… අජේව මට හම්බ වෙන්නෙ මීට අවුරුදු 4කට කලින් වගේ.. බදුල්ලේ ඉදන් මෙහෙ වැඩට ඇවිත් කඩේක වැඩ කරද්දි.. හරි හොද කොල්ලා… අජේ ගේ ජිවිතේ තමා අම්මා.. මෙහෙ කොච්චර වැඩ කරත් හිත බදුල්ලේ ඉන්න අම්මා ගාව. එක පාරක් අම්මා වැටිලා ඔලුව පැලිලා කියලා ආරංචි වුනාම රෑ 11ට අඩ අඩ බස් එකෙ නැගලා කොළඹට ගිහින් පාන්දර බදුල්ලේ ගියා..
අජේගේ එකම පැතුම අම්මාව සතුටින් තියන එක..හම්බ වෙන සල්ලි එකතු කරලා අම්මා ඉන්න ගේ හදන එක තමා අජේ කරේ… ඔය ගේ උබට ලියලාද තියෙන්නේ ඕවා උබ මහන්සි වෙලා හදන්නේ ඇහුවාම නැහැ අයියේ…අම්මා හොදින් ඉන්න ඕනා නේ කියලා තමා කියන්නේ. දවසට පැය 12,13 වැඩ කරලා බිම නිදාගෙන හම්බ කරන සල්ලි වලින් අම්මාව සැප ගෙදරක තියෙන එක තමා පුතෙක් විදියට අජේ කරේ…
අයියේ ගෙදරට තින්ත ගෑවා.. සිවිලිමක් ගැහුවා…ටීවි එකෙක් ගෙනාවා වගේ ඒවා හම්බ උනාම කියද්දි පොරගෙ ඇස් සතුටින් දිලිසුනා…ලගදි ගෙදර කුස්සිය බාත්රූම් අජේ හැදුවා.. ඔය හදපු ගෙදර මාසයක් එක දිගට අජේ ඉදලා නැතුව ඇති…
පසුගිය දා නාය යද්දි අජේගෙ ගේත් අහු වුනා. අහිංසකයා අලුතෙන් හදපු ගෙදර කෑල්ලක්ම කඩලා ගියා. වහාලයක් නැහැ.. ආරංචි වුන ගමන් අජේ ගමේ දිව්වේ ගේ බලනවාටත් වඩා අම්මාව බලන්න.. දවස් තුනක් ගෙදර යන්න ගියා අජේට. එකෙන් දවසක් තනිකරම පයින් ගිහින් තිබ්බේ…
ඔය අජේ ගෙ ගෙදර තත්වය… අජේ ආයෙ ආවා මෙහෙට ලගදි… එද්දි හොදටම උණ… කෝල් කරලා ඇහුවාම කිව්වේ මොකද්ද දන්නවාද..
සුදු අයියේ.. ගෙවල් නම් හදාගන්න පුළුවන්.. අම්මාට කරදරයක් නැති එකම ලොකු දෙයක්..මට දුක ගේ නැති උන එක නෙවේ අයියේ.. අම්මාට ඉන්න තැනක් නැති වුන එක ගැන….
Anushka Don Dilukshan Hettiarachchi ✍️
උපුටාගැනීමකි…
