ඉරුන චීවරයක් හැඳ සිටින්ස් කවුද මේ පියදම්ම හාමුදුරුවෝ..

0
193

ධූතාංග ධාරියෙකුට තම ශීලයේ බලයෙන් මහපොළව පවා කම්පාකල හැකිය. ඒ සඳහා මෙකල දැකිය හැකි කඳිම නිදසුන වර්තමානයේ ඇමරිකානු ජනතාව අතර වීරයෙකු බවට පත්ව ඇති මේ ඡායාරූපයේ සිටින තායි ජාතික පියදම්මෝ හිමියන්ය. ධූතාංග ධාරීන්ට බුදු සසුන තුල කිනම් තැනක් හිමි වේද කියතොත්; ධූතාංග ධාරීන් අතර අග්‍ර වූ මහා කාශ්‍යප මහ රහත් හිමියන් වනයෙන් නික්මී පැමිණෙන තෙක් කිසිවකුට බුදු රජාණන් වහන්සේගේ චිතකය දැල්විය නොහැකි වීය. එය බුදු හිමිගේ අධිෂ්ඨානයකි.

ධූතාංග ධාරියෙකු තමන් ධූතංග රකිනවා කියමින් කිය කියා යන්නෙ නැත. එහෙත් ධූතාංග ගැන දන්නා අයෙකුට හිමි නමක් දුටු පමණින් ධූතාංග දරනා බව කිව හැකිය. මේ හිමියන්ගේ තොරතුරු ධූතාංග ගැන දැන ගැනීමට කැමති පිරිසට මෙසේ සටහන්කර තබමු. බුදු සසුනේ උග්‍ර ශීලයන් ලෙස සලකන ධූතාංග 13ක් ඇත. ඉන් කිහිපයක්ම උන් වහන්සේ රකිනා බව පෙනේ.

✅ පංසුකුලිකංගය: උන් වහන්සේ එකම සිවුරු නැවත නැවත පිළිසතර කරමින් පොරවයි. පරණ සිවුර අතහැර අලුත් සිවුරකට මාරු වීම නොකරයි. එලෙස තෝරාගත් චීවරයක් දිගටම පරිහරණය කිරීම ධූතාංගයකි. උන් වහන්සේ මේ හැඳ සිටින සිවුර වසර 10 පැරණිය.

✅ තෙචීවරිකංගය: උන්වහන්සේ තුන් සිවුර පමණක් පොරවයි. හිම වැටෙන අධික සීතලේ පවා උන් වහන්සේ කබායක් පෙරවීම නොකලේය. තුන් ස්වුරෙන් පමණක් යැපීමද ධුතංගයකි.

✅ පත්තපිණ්ඩිකංගය: උන් වහන්සේ පාත්‍රය තුල පමණක් වළඳයි. දෙවන භාජනයක නොවළඳයි. රැකීමට තරමක් පහසු නිසා බොහො හිමිවරු මෙම ධූතාංගය රකිති.

✅ අබ්හෝකාසිකංගය: නිවසවල හෝ වහලයක් යට නොයිඳ එළිමහනේ සැතපෙයි. පසුගිය දිනවල ඇමරිකාවේ සෙල්සියස් සෘණ 10 තරම් වූ අධික සීතලේ පවා උන්වහන්සේ රාත්‍රිය ගතකලේ එලිමහනේය.

✅ නේසජ්ජිකංගය: රැකීමට ඉතාම අපහසුම ධූතංගය මෙයයි. සැබෑ භාවනානුයෝගීන්ට හැර අනෙකුකට මෙය රැකිය නොහැක. සැතපෙන ඉරියවෙන් තොරව; හිඳි, හිටි, සක්මන් යන ඉරියව් තුනෙන් පමණක් රාත්‍රියද ගතකල යුතුය. උන් වහන්සේ වසර 13 පුරා කිසිදා සැතපෙන ඉරියව්වෙන් සිට නැති බව උන්වහන්සේ ගැන දන්නා අය සඳහන්කර තිබුනි.

Previous articleසුරතලෙක් වෙනුවෙන් මේ තරම් ගෞරවයක්… බංචි කෙල්ල වෙනුවෙන් ඩඩ්ලි කල දේ..
Next articleවිජය අයියා එදා දැකපු හීනය මම අද හැබෑ කරගත්තා..” – මිහිරි සිරිතිලක නෙතඟට කඳුළක් එක්කරමින් තැබූ සංවේදී සටහන.. – Photos