Home සයුරෙන් එහා පුවත් නියමුවන්ගේ සංවාදය හැර වෙනත් තොරතුරක් ලබා දෙන්නට ඔවුන් අපොහොසත් වුණේ ඇයි..? ලොවක්...

නියමුවන්ගේ සංවාදය හැර වෙනත් තොරතුරක් ලබා දෙන්නට ඔවුන් අපොහොසත් වුණේ ඇයි..? ලොවක් කැළඹූ එයාර් ඉන්දියා ගුවන් අනතුර ගැන තවත් වෙනස් කතාවක් මෙන්න..

0
50

 

අහමාබාද් ගුවන් අනතුර, මේ කතාව ගැන තවමත් බොහෝ දෙනා මතක් කරනවා…

ඒ ඇයි කියන්න දන්නවාද..? මෙහෙම මිය ගියේ කාගේ හෝ හිතාදරයින් පිරිසක්..

ඔවුන්ගේ ඒ නික්ම යාම සමහර අයගේ ජීවිතවලට මොන තරම් නම් තදින් දැනෙනවාද..? මේ අන්න ඒ ගුවන් අනතුරෙන් පස්සේ ඒ ගැන ඇසුනු තවත් එක් කතාවක්..

පසුගිය මාසයේ අහමදාබාද්හි සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාව ඉම්ටියාස් අලි මහතා උනන්දුවෙන් බලා සිටි අතර, එහිදී ඔහුගේ සහෝදරයා, නෑනා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා මියගියා.

සෙනසුරාදා අලුයම නිකුත් කරන ලද අනතුරට හේතුව පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ඔහු ප්‍රවේශමෙන් කියෙව්වා. ඔහු පවසන්නේ තමා කලකිරීමට පත් වූ බවයි.

“නියමුවන් අතර අවසන් මොහොතේ සංවාදය හැරුණු විට, අනතුරට සැබෑ හේතුව පෙන්වා දෙන කිසිවක් වාර්තාවේ නොමැත,” ඔහු පවසයි.

ඉදිරි මාසවලදී අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධ කරනු ඇතැයි ඉම්ටියාස් අලි බලාපොරොත්තු වේ.

“මේක අපිට වැදගත්. ඇත්තටම මොකද වුණේ කියලා අපි දැනගන්න කැමතියි. මේකෙන් අපිට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. අපි කලින් කළා වගේ අපේ ආදරණීයයන්ගේ මරණ ගැන ශෝක වෙනවා. නමුත් අඩුම තරමින් අපිට ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලැබෙයි,” ඔහු පවසයි.

ගුවන් යානය නේවාසික ප්‍රදේශයකට කඩා වැටුණි. 2025 ජුනි 12 වන දින සිදු වූ මෙම අනතුරින් යානයේ සිටි පුද්ගලයන් 242 දෙනාගෙන් 241 දෙනකු සහ බිම සිටි පුද්ගලයන් 19 දෙනකු මියගියා.

දිවයින පුවත්පත ඇසුරෙන්..

Previous articleඅම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා, මං වෙනුවෙන් ඒ සම්මානය ලබාගත්තා” ආදරණීය ඇය වෙනුවෙන් තරින්දි තැබූ සටහන මෙන්න
Next articleඇය එක්ක තිබූ සම්බන්ධය මේ තරම් පළුඳු වුණේ කොහොමද..? අති දක්ෂ නිලියක් නිරූපිකාවක් වූ ඇගේ දේහය නිවැසියන් ප්‍රතික්ෂේප කළේ ඇයි..?
error: Content is protected !!
Verified by MonsterInsights