Home දේශිය පුවත් උප්පැන්න සහතිකයේ ඇති ලිපිනයෙන් ඇය සොයාගන්න හැකිවේවිද..? වසර 39කට පසු ඇය නැවතත්...

උප්පැන්න සහතිකයේ ඇති ලිපිනයෙන් ඇය සොයාගන්න හැකිවේවිද..? වසර 39කට පසු ඇය නැවතත් ලංකාවට..

0
1902

සමහර කතා ඇත්තටම හරි සංවේදියි.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවක්. ඇය වසර 39කට පසු නැවතත් ලංකාවට එන්න තීරණය කරලා.

ඒ ඇයි කියලා ඇසුවොත් ඇත්තටම ඒ කතාව සංවේදී වෙයි.

ඇය මේ සඳහා ම ජුනි මාසයේ ශ්‍රී ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ තමගේ කියන හැඟීමකින් ඔවුන් සොයා යන්නටයි.. වසර 39කට පෙර කිරිසප්පයකු ලෙසින් නන්නාඳුනන රටකට නොහඳුන අයත් සමග ගිය ඉන්ද්‍රානි අද නැවතත් මෙලෙස ලංකාවට එන්නේ, තම වැදූ මව සොයාගැනීමට අරමුණ ඇතුවයි.

ඇය ළඟ ඇති ලිපි ලේඛන අනුව ඇය ඉපදී ඇත්තේ 1986.12.01 දිනය. ඇය කොළඹ සොයිසා කාන්තා රෝහලේදී ඉපදී ඇති බවත් ඇයගේ මව 1965 .08.19 ඉපිද අවුරුදු 20 වනවිට දරුවන් තිදෙනකුගේ මවක් බවත් අවිවාහක කාන්තාවක බවත් පදිංචි ලිපිනය 136/11 බ්ලූමැන්ඩල් පාර, කොටහේන බවත් උප්පැන්න සහතිකයේ සඳහන්ව තිබෙනවා.

එහෙත් පසුව දිව්රුම් පෙත්සමක් මගින් තම දරුවා මීගමුව රෝහලේ ඉපදුණු බවට ප්‍රකාශ කර ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.

දැනට නෙදර්ලන්තයේ සිටින ඉන්ද්‍රානි තම සැමියා, දරුවන් සමග තම මෑණියන් සොයා බැලීමට ජුනි මාසයේ පැමිණීමට බලාපොරොත්තුවකින් සිටිනවා.

Previous articleටැංකිය උස්සන්නේ නැතිව ගෑස් තියෙන ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි. ගෘහණියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු රහස.
Next articleකකුලේ කූඹින් දුවනවා වගේ දැනෙනවද ? එහෙනම් බලාගෙන ඉන්න එපා….
error: Content is protected !!
Verified by MonsterInsights