Home තරු ගොසිප් සමහර දේවල් සුවපත් කරන්න වචනවලට බැහැ…’’ශලනි මේ ගමන ගියේ අධ්‍යාත්මික සුවයක් ලබන්නද..රසිකයින්ටත්...

සමහර දේවල් සුවපත් කරන්න වචනවලට බැහැ…’’ශලනි මේ ගමන ගියේ අධ්‍යාත්මික සුවයක් ලබන්නද..රසිකයින්ටත් ප්‍රශ්නයක් ?

0
50
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් තමන්ගේ අපූර්ව රංගන ප්‍රතිභාව නිසාම ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ ආදරය ඉහළින්ම දිනාගත්තු, ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම වගේම ජනප්‍රියම තරුවක් තමයි ශලනි තාරකා.

ඇය ගැන අලුත්ම ආරංචියක් දැන් සමාජ මාධ්‍ය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.

පසුගිය දිනෙක ඇය කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වැඳපුදා ගැනීමට ගොස් තිබූ අතර, එහිදී ගත් කවදාටත් වඩා වෙනස්, සිතට නිවන ඡායාරූප කිහිපයක් ඇය ඇගේ රසිකයින් වෙනුවෙන් සමාජ මාධ්‍යයට ශලනි එක් කර තිබුණා.

එම ඡායාරූපවල ශලනිගේ තිබූ චාම් බව සහ සංවරබව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූණා.

ඇය ඒ ඡායාරූපත් එක්ක තබා තිබූ සටහන (Caption) තමයි හැමෝගෙම අවධානය විශේෂයෙන්ම දිනාගත්තේ. එහි සඳහන් වූයේ “පුජනීය අහස යට, වචනවලට කිසිදා සුවපත් කළ නොහැකි දේ නිහඬතාවයට සුවපත් කිරීමට මම ඉඩ දුන්නා” යන අරුත දෙන මේ සටහන හරහා ඇය ඇගේ හිතේ තිබූ යම් කිසි “සුවපත් වීමක්” හෝ “නිවීමක්” ගැන නිහඬවම පවසා තිබෙනවා.

කලාකාරිනියක ලෙස කාර්යබහුල ජීවිතයක් ගත කරන ඇය, මේ වගේ පුණ්‍ය භූමියකට ගොස් ලැබූ අධ්‍යාත්මික සුවය ගැන ඇගේ රසිකයින්ද ඉහළින්ම ප්‍රතිචාර දක්වා තිබුණා.

ඇයගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා!

Previous articleඔහු හදිසියේම සිහිසුන්ව ඇද වැටුණා.. “Love Bite” එකක් තරුණයෙකුගේ ජීවිතයක් උදුරාගනී..
error: Content is protected !!
Verified by MonsterInsights