Home දේශිය පුවත් “මගේ දරුවෙකුට මෙහෙම වෙනවාට මම කැමති ද?” පෞද්ගලික බස් එකක් ඉස්සරහ CTB...

“මගේ දරුවෙකුට මෙහෙම වෙනවාට මම කැමති ද?” පෞද්ගලික බස් එකක් ඉස්සරහ CTB රියදුරා දුන් ඒ ආදරණීය උත්තරය..

0
9

 

 

සමාජ මාධ්‍යයේ මේ දවස්වල වේගයෙන් Viral වෙන ෆොටෝ එකක් සහ ඒ පිටිපස්සේ තියෙන සංවේදී කතාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.

මේ කතාව අහද්දී අද සමාජයේ නැතිවීගෙන යන “මනුස්සකම” කියන දේ ගැන ආයෙත් සැරයක් හිතන්න අපිට සිද්ධ වෙනවා.

මුහුණුපොතේ තබා තිබුණු සටහනකින් තමයි මේ ඇස් ඇරවන කතාව ලෝකයටම හෙළි වෙලා තියෙන්නේ.

කතාව මෙන්න මේකයි,

ඇය මහනුවර යන්න වළපනේ-මහනුවර ලංගම (CTB) බස් රථයකට ගොඩ වෙලා තියෙනවා. බස් එක ඉස්සරහම ආසනයක වාඩි වෙලා හිටපු ඇය, මේ රියදුරා පාරේ හිටපු හැම පාසල් දරුවෙක්වම බස් එකට නංවා ගන්න විදිය බලාගෙන හිටියා. හැබැයි ඇගේ හිතටම වැදුණු සිද්ධිය වුණේ ජනප්‍රිය පාසලක් ළඟ බස් නැවතුමේදීයි.

එතනදී මේ CTB බස් එක වගේම පුද්ගලික බස් රථයකුත් නතර කරලා තියෙනවා. ඒ පුද්ගලික බස් එකේ කොන්දොස්තර පාසල් දරුවන්ව තමන්ගේ බස් එකට නංවා ගන්න ලොකු උත්සාහයක් දරනවා මේ CTB රියදුරා දැක්කා.

එතකොටම CTB රියදුරා තමන්ගේ කොන්දොස්තර මහත්තයාට කියපු වචන කිහිපය එතන හිටපු හැමෝගෙම හිත් හොල්ලන්න සමත් වුණා.

“අහපන් මල්ලි ඇයි ඒ බස් එකට ස්කෝලේ ළමයි ටික ගන්නේ.. සීසන් ළමයි නිකන් එක්ක යනවාද කියලා… මල්ලි මම නම් කවදාවත් ස්කෝලේ ළමයෙක් පාරේ දාලා යන්නේ නැහැ.. මගේ දරුවෙකුට එහෙම වෙනවාට මම කැමති ද? කවුරුත් දරුවෝනේ…”

අද කාලේ හැමෝම සල්ලි පස්සේ දුවද්දී, පාරේ ඉන්න හැම දරුවෙක්වම තමන්ගේම දරුවෙක් වගේ හිතන මෙහෙම රියදුරෝ ඉන්නේ හරිම අඩුවෙන්.

Previous articleඔබ තවමත් ගෑස් දැල්ලෙන් කෙසෙල් කොළ තවනවාද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න… ගොඩක් වැදගත් වෙයි!
Next articleඅභියෝගවලට අභියෝග කළ ආදරණීය තරුණියක් නොසිතූ මොහොතක දිවියෙන් සමුගනී.. ඇයගේ නික්මයාම ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights