මිනිස් සිරුරේ ඇති ඉන්ද්‍රියයන් අතරින් අක්මාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්.
අක්මාව පිහිටලා තියෙන්නේ උදරයේ දකුණු පැත්තේ ඉළ ඇටයට යටින්.
රුධිරය පෙරීම, ආහාර මෙන්ම ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය පරිවෘත්තීය කිරීම, විෂ ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීම සඳහා අක්මාව උපකාරී වෙනවා.
කොහොම වුණත්, නිදන්ගත අක්මා හානි වලට ප්‍රතිකාර නොකළහොත් අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙන්න පුළුවන්.
අක්මාවට හානි වීමට හේතු අතර අධික ලෙස මත්පැන් පානය කිරීම, ඖෂධ, වෛරස් ආසාදන සහ ස්වයං ප්‍රතිශක්තිකරණ සහ ජානමය තත්වයන් ඇතුළත් වෙනවා.
මෙන්න මේ ලක්ෂණ ඔයාගෙනුත් පෙන්නුම් කරනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙම අනිවාර්යයෙන් කරන්න..
ආහාර රුචිය වෙනස්වීම
සමේ වෙනස්කම්
තෙහෙට්ටුව
උදරයේ ඉදිමීම
මලපහවල වෙනස්කම්
මුත්‍රාවල වෙනස්කම්
තැලුම් සහ ලේ ගැලීම්
කකුල් හෝ වළලු කරවල ඉඳීම
අධි රුධිර පීඩනය
අක්මා එන්සයිම ඉහළ යාම
උපුටාගැනීමක්









