Home දේශිය පුවත් මලකි දුවේ නුඹ ! අප අතරින් සමුගත් නිලි රැජින රඟ පෑ අවසන්...

මලකි දුවේ නුඹ ! අප අතරින් සමුගත් නිලි රැජින රඟ පෑ අවසන් සිනමා නිර්මාණය ගැන ඒ ඇසෙන පුවත මෙන්න

0
82

පසුගියදා දිවි ගමනින් සමුගත්, අග්‍රගණ්‍ය රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මිය ප්‍රධාන චරිත රඟපාන “මලකි දුවේ නුඹ” චිත්‍රපටයේ රූගත කිරීම් ඇතුලු නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන් වී තිබෙනවා.

මෙහි ඇය සමඟින් සමනලී ෆොන්සේකා සහ කුශේන්‍යා ෆොන්සේකා ද රංගනයෙන් එක්වනවා. මලකි දුවේ නුඹ අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රේමය නම්, රූකඩ පැංචි ඔබ වෙත ගෙනා කල්පන ආරියවංශ – වින්දන ආරියවංශ සොහොයුරන් දෙදෙනා යි.

ශ්‍යාම් ප්‍රනාන්දු සහ ධනංජය සිරිවර්ධනත් චිත්‍රපටයේ රංගනයෙන් එක්වනවා.

පැරණි සිංහල සිනමාවට ආදරය කරන ඔබට, පසුගියදා අප අතුරින් සමුගත්, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියව නැවතත් රිදී තිරයෙන් නරඹන්නට මෙය හොඳ අවස්ථාවක් වේවි!

Previous articleරටක් සතුටු කල ජනාගේ යාළුවා ප්‍රියාටත් ඔන්න මංගල සීනු… බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන…
Next articleදේශානිව කරකාර ගන්නට ඉසුරු සූදානම්න්.. එයාලාගේ විවාහයත් අත ළඟද..?
error: Content is protected !!
Verified by MonsterInsights