Home සයුරෙන් එහා පුවත් හිතට සතුටක් නැත්නම් මේ සටන දිනන්න බැහැ” පිළිකා මාරයා සමග සටන් කරන...

හිතට සතුටක් නැත්නම් මේ සටන දිනන්න බැහැ” පිළිකා මාරයා සමග සටන් කරන ඇය රසිකයින් සමග විශේෂ පණිවිඩයක් බෙදාගනී.

0
277
කලකට ඉහතදී ඇය රූපවාහිනී තිරය වර්ණවත් කළා. ඒත් අද…

නොසිතූ ලෙස ජීවිතය වෙනස් වෙනවා කියන එකට දීපිකා මේ කියන කතාව හොඳ උදාහරණයක්.. 

පිළිකා මාරයා සමඟ සටන් කරන දීපිකා කකර් රසිකයින්ට පැවසුවේ මෙන්න මේ වගේ කතාවක්. “ඇඳෙන් නැගිටින්නවත් පණක් නැති දවස් තියෙනවා”

ප්‍රකට ඉන්දීය රූපවාහිනී නිළි දීපිකා කකර් (Dipika Kakar) පසුගිය වසරේ සිට අක්මාවේ හටගත් පිළිකා තත්ත්වයක් (Stage 2 Liver Cancer) හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටිනවා.

සිය රෝගී තත්ත්වය සහ ප්‍රතිකාර හමුවේ ඇය මුහුණ දෙන අභියෝග පිළිබඳව දීපිකා සිය නවතම වීඩියෝවක් හරහා රසිකයන් සමඟ සංවේදී තොරතුරු කිහිපයක් බෙදාගෙන තිබෙනවා.

පසුගිය වසරේදී ඇයගේ අක්මාවේ තිබූ මාරාන්තික ගෙඩියක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය වූ අතර, එහිදී ඇයගේ අක්මාවෙන් 22%ක ප්‍රමාණයක් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවුණා.

ඉන් නොනැවතී, පසුගිය පෙබරවාරි 23 වනදා ඇයගේ සිරුරේ තිබූ තවත් සෙන්ටිමීටර 1.3ක ගෙඩියක් ඉවත් කිරීම සඳහා ‘RFA’ නමැති විශේෂ ප්‍රතිකාර ක්‍රමයකටද ඇය යොමු වී තිබෙනවා.

තම සෞඛ්‍ය තත්ත්වය ගැන අදහස් දක්වමින් දීපිකා පවසා සිටියේ ප්‍රතිකාර නිසා අධික ලෙස විඩාවට පත්වන දවස්වලට ඇයට ඇඳෙන් නැගිටීමට පවා ශක්තියක් නොමැති බවයි.

“සමහර දවස් තියෙනවා මට ඇඟ හොලවන්නවත් බැරි තරම් මහන්සියි. මානසිකව වැටුණු දවස්වලට මට කිසිම දෙයක් කරගන්න බැහැ. ඒත් මම උත්සාහ කරන්නේ මාව සතුටින් තියන දේවල් කරන්න. මොකද මානසිකව අපි ශක්තිමත් නැත්නම් මේ වගේ ලෙඩක් එක්ක සටන් කරන්න බැහැ.”

පසුගියදා සිදුකළ ශල්‍යකර්මය ගැන මතකය අවදි කරමින් ඇය පවසා සිටියේ එම අවස්ථාවේදී ඇය දැඩි ලෙස බියට පත්ව හඬා වැටුණු බවයි.

මෙවර ගෙඩිය කුඩා බැවින් එය පුළුස්සා ඉවත් කිරීමට (Burning the cyst) වෛද්‍යවරුන් පියවර ගෙන තිබෙනවා. ශල්‍යකර්මයෙන් පසුව තවමත් තමා දැඩි වේදනාවකින් පසුවන බවත්, සිරුර සෙලවීමේදී පවා අපහසුතාවක් දැනෙන බවත් ඇය සඳහන් කළා.

තම රෝගී තත්ත්වය වෙනුවෙන් නිරන්තරයෙන් යාච්ඤා කරන සහ දිරිගන්වන රසිකයින්ට ඇය සිය කෘතඥතාව පළ කිරීමටද අමතක කළේ නැහැ.

දීපිකාගේ සැමියා වන ජනප්‍රිය නළු ෂොයිබ් ඉබ්‍රහිම් (Shoaib Ibrahim) මේ දුෂ්කර කාලවකවානුවේදී ඇය වෙනුවෙන් නිරන්තරයෙන් සෙවනැල්ලක් මෙන් රැඳී සිටින බවයි.

Previous articleඔබත් ගෙදර ඉන්න කරදරකාරී මදුරුවන් නිසා පීඩා විඳින කෙනෙක්ද ? එහෙනම් මේ දේ කරලා බලන්න. කරදරකාරී මැසි මදුරුවන් එළවන්න නියම ක්‍රමේ මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights