කැරොලයින් ජූරි.. ඒ නම ඇසුණු සැනින් ඔබට ඒ රුවත් මතක් වෙනවා නිසැකයි.
ඇය අපේ මේ පුංචි රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය රූ රැජිනක්.
ඉතින් රටම කතා කළ ඇයගේ මුහුණු පොතේ තවත් විශේෂ සටහනක් පසුගිය දිනවල දැකගන්න ලැබුණා. “සෑම ප්‍රශ්නයකටම ඔබ පිළිතුරු දියයුතු නැත. සමහරවිට සිනාසී ඔබේ අරමුණු සිහිකර නිහඬවීම පමණක්ම සෑහේ. ඔබේ සිනහව ඔබ සිතනවාට වඩා වැඩි හඬකි.”
ඇය හිටිහැටියේම මෙවැනි ප්‍රකාශයක් සිය සමාජමාධ්‍ය පිටු අතර පළ කළේ ඇයි?
පසුගිය දිනයක හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි විසින් ‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ වෙත ලිපියක් යොමුකර තිබුණා.
එම ලිපියට අනුව ‘Mrs. Sri Lanka’ තරඟය තුළ දූෂණය, ඥාති සංග්‍රහය සහ විෂමාචාරය සම්බන්ධයෙන් කැරොලයින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර ඇති බවට ඇයට චෝදනා එල්ල වෙනවා.
කෙසේ වෙතත්, කැරොලයින්ගේ මෑත කාලීන අදහස් දැක්වීම් එකී ගිවිසුම්ගත ක්‍රියාවලිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත් එමඟින් යළි හැරවිය නොහැකි තරමේ හානියක් ‘Mrs. Sri Lanka’ සංවිධානයට සිදුවිය හැකි බවත් එහි දැක්වුණා.
එවන් පසුබිමක ඇය මෙවැනි ප්‍රකාශක් සිය සමාජමාධ්‍ය පිටු තුළ පළ කලේ ඇයි? බොහො දෙනා සිටින්නේ අන්න ඒ ගැන අවදානයෙන්.
කෙසේ වෙතත් මේ හා සම්බම්න්ධව කැරොලයින් සිය සමාජමාධ්‍ය පිටු තුළ ලිපියක් පළකර තිබුණා.
