Home Uncategorized කවදාවත් හිතුවේ නෑ නේද ? දොඩම් ලෙල්ලෙන් පවා හාස්කමක්… මේ තරම් විශ්මිත...

කවදාවත් හිතුවේ නෑ නේද ? දොඩම් ලෙල්ලෙන් පවා හාස්කමක්… මේ තරම් විශ්මිත ගුණයක් ඇති කියලා…

0
53

 

 

දොඩම් යනු ඉතාම වටිනා ඖෂධීය ගුණ ඇති පලතුරකි.
පෙර සුලබව පැවැතියද වන විනාශය හේතුවෙන් දැන් පැණි දොඩම් සොයා ගැනීම දුර්ලභය. වංග රටේ වංග භාෂාවේ කමලා ලෙබු ලෙසද පැණි දොඩම් හැඳින්වෙයි.

මෙහි සාමාන්‍ය ගුණ මධුර හා අම්ල රස මිශ්‍රය. වා, පිත්, සෙම් ත්‍රිදෝෂයම සමනය කළ හැකියි. විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගයට අගනා ඖෂධයකි. සාදන අයුරු බලමු එහෙනම්…

පලතුරක් වුවත් පැණි දොඩම් පෝෂ්‍යදායී ඖෂධයකි. මිරිකා ඉස්ම ගෙන වතුර දමා සූකිරි කුඩු මිශ්‍රකර පානය කිරීමෙන් ආමාශගත රෝග දුරුකරගත හැකියි. නිතර ගැනීමෙන් ශරීරය පෘෂ්ඨිමත් වෙයි. මාංසජනක ධාතු බහුලය.

දොඩම් ලෙලි කැබැලි කපා වියළා, කුඩුකර තබාගෙන තේ වතුර ලෙස පානය කිරීම ගැස්ට්‍රයිටිස්වලට ගුණදායකය. ඒ සහ බී ගණයේ ජීව පදාර්ථ අඩංගු අතර සී විටමින් බහුල වෙයි. පැණි දොඩම් යුෂ කෝප්පයක ඩී විටමින් මිලිග්‍රෑම් 68 ක් අඩංගු වන අතර දත් මුල් දියවීම, ලේ ගැලීම, විදුරුමස් දියවීම ආදී රෝගවලට ඛෙහෙවින් ගුණදායකය.

අධික රුධිර පීඩනය ඇති අයට පැණි දොඩම් ටිකක් ගස්ලබු සමග මිශ්‍ර කර කෑම ගුණදායකය. රක්තවාත රෝගීන්ට, නිතර වමනය එන රෝගීන්ට බහුලවම ගුණදෙයි. අක්මා රෝගවලටත් ඉතාම සුදුසුයි.

පැණි දොඩම් මල්, කොළ, පොතු, ලෙලි, මුල් සියල්ල ඖෂධ සඳහා යොදාගනී. එබැවින් එය වටිනා ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය.

උපුටා ගැනීමකි

Previous articleඔයාටත් වැදගත් වෙයි. දත් කැක්කුම පටස්ගාලා නැතිකරගන්න ස්වභාවික ප්‍රතිකර්ම 5ක් මෙන්න !
Next articleඇස් වහ කට වහ නසන විශ්මිත කෙම් ක්‍රම සහ බලහතු රහස් මන්තරයක් මෙන්න !
error: Content is protected !!
Verified by MonsterInsights