Home ජීවිතයට යමක් ඔබත් සමීප එකතු වීමේදී උත්තේජනය වැඩි කරගන්න ලොකු ළුණූ භාවිතා කරන්න.....

ඔබත් සමීප එකතු වීමේදී උත්තේජනය වැඩි කරගන්න ලොකු ළුණූ භාවිතා කරන්න.. ලොකු ළුණු ගැන ඇසෙන විශේෂ හෙලිදරව්ව මෙන්න..

0
1176

රක්තහීනතාවය දුරු කිරීම
ළුෑණු තුල අන්තර්ගත වන යකඩ ප්‍රතිශතය වැඩිවීම නිසා රක්තහීනතාවයට සාර්ථක ඖෂධයක් වනවා. ඔබ දිනපතා මධ්‍යයම ප්‍රමාණයේ ලොකු ළුණු ගෙඩි භාගයක් ආහාරයට ගන්නවා නම් රක්තහීනතාවය දුරු කර ශරීරයේ අහිතකරවන කොලෙස්ටරෝල් මට්ටමත් නිසි ලෙස පාලනය කර හෘද්‍යාබාධ වලින්ද ආරක්‍ෂාව සලසා ගන්නට පුළුවන්.

ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාර කිරීම
කැලරි වලින් අවම තන්තු වලින් පොහොසත් යකඩ, පොටෑසියම්, විටමින් C සහ වෙනත් අත්‍යාවශ්‍ය පෝෂක අන්තර්ගත වන ලොකු ළුෑණු දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේලට එක්කල යුතුම අමුද්‍රව්‍යක් ලෙස වෛද්‍යවරුන් පවා තහවුරු කර තිබෙනවා.

ඔසප් සමයේදී ඇති වන මාංශ පේශී පෙරලීම්
ඔසප් සමයට ලංවන කාන්තාවක් තමාගේ ඔසප් චක්‍රයක් ආරම්භ වීමට දින හතරකට පමණ පෙර සිටි ලොකු ළුෑණු ආහාරයට ගන්නවා නම් ඔසප් සමයේදී ඇති වන මාංශ පේශී පෙරලීම වැනි සංකූලතා වලට යම් සහනයක් සලසා ගන්නට පුළුවන්.

ලිංගික උත්තේජනයක් ලබා දීම
ලොකු ළුෑණු තුල අතර්ගත වන “allicin” නමැති සංයෝගය මගින් ශරීරයේ රුධිර සංසරණයට සිදු කරනු ලබන උත්තේජනය නිසා ලිංගික අවයව කරා රුධිරය සංසරණය වීම වේගවත් වනවා. මේ නිසා ලිංගිකව එක්වන අවස්ථාවක ලිංගික උත්තේජනය තරමක් දුරට ස්වභාවිකව වර්ධනය කර ගන්නට පුළුවන්.

හිස්හොරි දුරු කිරීමට
ලොකු ළුෑණු යුෂ සතිකට දෙවතාවක් මාස දෙකක කාලයක් හිස්කබල මත ආලේප කිරීම මගින් හිස්හොරි පාලනය කර ගත හැකි බව අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා. හිස්හොරි පාලනය කිරීමට අමතරව මෙමගින් හිසකෙස් නිසි ලෙස නැවත වර්ධනයද වේගවත් කර ගන්නට පුළුවන්.

සුවදායක නින්දක් ලබාදීම
ලොකු ළුෑණු තුල අනතර්ගත වන “Phyto Chemical” මගින් බොහෝ දෙනා පීඩාවට පත්කරන නින්දේදී ඇති වන සෞඛ්‍යය ගැටළු බොහෝමයකට සුවය සලසනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට කිරීම
ලොකු ළුෑණු තුල අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක බලය මගින් ශරීරයේ අනතර්ගත වන විෂ සහිත සංඝටක ඉවත් කර “Phyto Chemical” මගින් විටමින් C වල ක්‍රියාකාරීත්වය නිසි ලෙස වර්ධනය කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කරන බවට අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා.

සම පැහැපත් කිරීම
විටමින් C වලින් පොහොසත් ලොකු ළුෑණු මගින් සමේ ඇති වන ඉරිතැලුණු ස්වභාවය සහ අවර්ණවත් ස්ථාන සුවපත් කරනු ලබනවා. මේ සඳහා ලොකු ළුෑණු ආහාරයට ගැනීමත් යුෂ සම මත ආලේප කිරීමත් වැදගත් වනවා.

ඔබත් ලොකු ළුෑණු ආහාරයට ගැනීමේ පුරුද්දක් ඇති කර ගන්න එවිට ඔබේ රුධිරය පිරිසිදු කර ඉහත සඳහන් කරන ලද සෞඛ්‍යය වාසි ඇතුළුව සෞඛ්‍යය වාසි බොහෝමයක් අත්කර ගන්නට පුළුවන්.

Previous articleරන්වලින් සැරසෙන්න බලාගෙන ඉන්න ඔබට සුබ ආරංචියක්.. අද රන්මිල තවත් පහළට…
Next articleසල්ලි නැති නිසා තම දියණියගේ උපාධි දවස පුංචි කේක් කෑල්ලකින් සහ සෝඩා එකකින් සමරපු දෙමාපියන් දෙදෙනෙකුගේ සංවේදී කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights