උදරාබාධ සුවකිරීමේ විශේෂ හැකියාවකින් යුතු ගැට තුඹ ශාකය
☘️ නිතර ඇස නොගැසෙන නමුත් ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ පැලෑටියක් තමයි ගැටතුඹ කියන්නෙ.
☘️ ගෙවත්තේ වගේම කුඹුරු අයිනෙ වැවිලා තියෙන සුදු පාට මලින් පිරුණු යන්තමින් බූවක් සහිත මේ පැලෑටිය බිම් මට්ටමෙන් ඉහළට පදුරක් වගේ වර්ධනය වෙනවා.
☘️ කදේ තියන සෑම නැම්මක් ළගම ගැටයකුත් ඒ හැම ගැටිත්තක් ළගම මලකුත් දකින්න පුළුවන් නිසා මේ ශාකයට ගැට තුඹ කියලා කියනවා..
☘️ දේශීය පත්පාඩගම් ශාකය සමග සමහර කෙනෙක් වරදවා හදුනාගන්නා ශාකයක් තමයි ගැටතුඹ කියන්නෙ. ඒ නිසා මේ ලක්ෂණ අනුව නිවැරදිම පැලෑටිය හදුනාගැනීම වැදගත්.. පත්පාඩගම් ශාකය මීට වඩා කුඩා ප්‍රමාණයෙන් යුතුයි සහ කුඩා සිහින් පත්‍ර සහිතයි..
☘️නමුත් ගැට තුඹ ශාකය බිම වැතිරී නොසෑදෙන පදුරක් වගේ ඉහළට වර්ධනය වෙන ශාකයක්..
☘️ සංස්කෘත භාෂාවෙන් ගැටතුඹ ශාකයට ද්‍රෝණ පුෂ්පී කියලා කියනවා..
ඒ වගේම ආයුර්වේදයට අනුව තුඹ වර්ග 4ක් නම් කරලා තියනවා..
☘️ මේ ගැට තුඹ ශාකය විශේෂයෙන් ම හෘදයට හිතකරයි කියලත් නම් කරලා තියනවා..
☘️ගැට තුඹ ශාකය උදරාබාධ සුවකිරීමේ දී විශේෂ කාර්යයක් ඉටුකරනවා..
☘️ඒ මේ ගැට තුඹ සම්පුර්ණ ගසම සුදු ලූණු ඉගුරු ගම්මිරිස් කුරුදු වගේ දේවල් එක්ක එකතු කරලා හදන තැම්බුම් හොද්ද මගින් මේ උදරාබාධ බඩ පිපෙන ගතිය නැති කිරීමට හැකියාවක් තියෙන නිසා..
☘️ ඒ වගේම මේ පැලෑටිය මද පවනේ වියළලා අරන් සූදුරු සමග මිශ්‍ර කරලා තේ වගේ පානයක් විදියට වත්කර ගන්නත් පුළුවන්.. උදරාබාධ සුවකිරීමේ හැකියාව මේ පානයටත් තිබෙනවා.
☘️ එළකිරි වල ජීර්ණය වීමේ හැකියාව වැඩි කරන්නත් උදරාබාධ සුවකිරීමේ හැකියාව ගැනත් හිතලා ඉස්සර එළකිරි උණුකරද්දි ගැට තුඹ මුල් කිහිපයක් තලලා දාන්න පුරුදු වෙලා ඉදලා තියෙනවා..
☘️ ඒ වගේම පුංචි දරුවන්ටත් ඉපදුණු කාලේ එන උදරයේ අපහසුතා වලදිත් මේ පැලෑටිය යොදාගන්නවා.
☘️ මව්කිරි හරියට දිරවන්නෙ නැතිව ඇතිවන වමනය වගේ තත්ව බඩ පුරවා දැමීම් මෙන්න මේවට මව්කිරි ටිකකට ගැට තුඹ යුෂ ටිකක් දාලා තේ හැන්දක් විතර දෙන්නත් ඉස්සර අම්මලා පුරුදු වෙලා ඉදලා තියෙනවා..
☘️ ඉතින් මේ ගැට තුඹ තම්බා ගත්ත වතුර දරුවෙක් ප්‍රසූත කළායින් පස්සෙ අම්මා කෙනෙක් ගෙ ඇග සෝදන්න අරගෙන තියනවා..
☘️ වාත ශමනය කිරීමක් මගින් මවගේ තියන වේදනාව අඩු කරලා ඇයව නීරෝගී ව තබාගන්න මේ අපූරු පැලෑටියේ සාරයට හැකියාවක් තියනවා..
➡️ ඒ වගේම සමේ ඇතිවෙන රෝග වලදි මේ පැලෑටිය තම්බපු වතුරෙන් සෝදා හරිනවා නම් ලොකු සහනයක් අත් වේවි..
➡️කුඩා දරුවන්ගෙ පණු රෝග වලදි මේ පණුවන් ඉවත් කිරීමේ විශේෂ හැකියාවක් ගැටතුඹ වලට තියෙනවා..
ගැට තුඹ ව්‍යංජනය ඕනම පුංචි දරුවෙක් කැමති වෙන විදියෙ රසකින් යුතුයි..
➡️ නාසයෙ ඇතිවන මස් දලු වලට ප්‍රතිකාර විදියට නස්න කිරීමට ගැටතුඹ ගසේ යුෂ යොදාගන්නවා..
➡️ ගැට තුඹ ශාකයේ තියන විෂ හරණය හැකියාව නිසා ගෝනුසු දෂ්ටන වගේ අවස්ථා වලදී මේ පැලැටිය තම්බපු වතුර පානය කරන්න පුළුවන්…
➡️ මීට අමතරව දියවැඩියා රෝගීන්ටත් ආහාරයට ඉතාම සුදුසු ශාකයක් බවටත් ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ වල සදහන්..
➡️ගැට තුඹ කොළ කළවම් මැල්ලුමට ගන්නත් පුළුවන්..
නමුත් ගොඩක් රසවත් ගැටතුඹ ව්‍යංජනය..
➡️ ගැට තුඹ ව්‍යංජනය සාදාගන්නා හැටිත් ලියලම නතර කරන්නම්.. මල් පිපෙන්න කලින් ගස් වල ලපටි දලු කොටස් තමා ගන්නෙ.
☘️ ගැට තුඹ ලපටි දඩුත් සමගම කොළ මිටක්
☘️ රතු ලූනු
☘️ ලුණු
☘️ අමුමිරිස්
☘️ කුරුදු පොත්තක්
☘️ මිරිස් කහ වැනි අනිකුත් අමුද්‍රව්‍ය
☘️ පොල් කිරි කෝප්පයක්..
සාමාන්‍යය තරම් විශාලව කපා ගත්ත ගැටතුඹ කොළ ටිකට අනිකුත් අමුද්‍රව්‍ය සියල්ලම දාලා දෙවන පොල් කිරි ටිකක් දාලා යන්තම් මැලවීගෙන එනකොට පලවෙනි පොල් කිරි මිට දාලා ඉදෙන්න තියලා ගන්නයි තියෙන්නෙ..
ඒ වගේම පරිප්පු සමග යොදා කිරට සාදා ගත් විටත් ඉතාම රසවත්. කලවම් මැල්ලුමටත් නොමේරූ ගැට තුඹ දළු කිහිපයක් යොදලා ඒ මැල්ලුමේ රසය ගුණාත්මකභාවය වගේම සුවදත් වැඩි කරගන්න පුළුවන්.
✳️ හැමදාම එකම විදියට කන්නෙ නැතුව විවිධ ආකාරයෙන් ගුණ දායක දේවල් ගන්නවා නම් අපි දන්නෙම නැතුව අපේ සෞඛ්යත් ආරක්ෂා වෙයි..
👉 ලෙඩක් හැදෙන්න කලින් ආරක්ෂා වෙන එක
හැමවෙලේම වැදගත්..
🌼 ඉතින් මේ ලස්සන ඔසු පැලේ මල් පැලයක් වගේම මිදුලේ කොනක් ලස්සන කරාවි..
copied









