Home සයුරෙන් එහා පුවත් ඇස් අදහන්න බෑ… මෙයාගේ වයස ඇහුවොත් ඔබ පුදුම වෙයි. ලෝකයම හොල්ලන සිංගප්පූරු...

ඇස් අදහන්න බෑ… මෙයාගේ වයස ඇහුවොත් ඔබ පුදුම වෙයි. ලෝකයම හොල්ලන සිංගප්පූරු ජාතිකයා මෙන්න.

0
5998
වයස කියන්නේ නිකන්ම ඉලක්කමක් විතරයි කියලා අපි අහලා තිබුණට, ඒක ඇස් පනාපිටම ඔප්පු කරපු අපූරු පුද්ගලයෙක් ගැන දැන් ලෝකය පුරාම ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා. 


මේ පින්තූර දැක්කම ඔයාට හිතෙයි මේ අවුරුදු 20ක 25ක තරුණයෙක් කියලා. ඒත් ඇත්ත කතාව දැනගත්තොත් ඔයා අනිවාර්යයෙන්ම පුදුම වෙයි.

මොහු සිංගප්පූරු ජාතික ඡායාරූප ශිල්පියෙක් වගේම හිටපු නිරූපණ ශිල්පියෙක්. උපතින් 1960 දශකයට අයිති මේ අපූරු මිනිසාගේ වයස දැන් අවුරුදු 60ටත් ආසන්නයි. ඒත් මොහුගේ ශරීරය සහ මුහුණේ පෙනුම දැක්කම “මේක වෙන්න පුළුවන් දෙයක්ද?” කියලා ඕනෑම කෙනෙක් ප්‍රශ්න කරනවා.

ගොඩක් අය හිතන්නේ මොහු ප්ලාස්ටික් සර්ජරි කරලා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. චුවැන්ඩෝ පවසන විදිහට ඔහුගේ මේ තරුණ පෙනුම පිටුපස තියෙන්නේ වසර ගණනාවක කැපවීම සහ විනයයි.

මොහු ඉතාමත් නිරෝගී ආහාර වේලක් ගන්නවා. අහිතකර කිසිම දෙයක් කටේ තියන්නේ නැහැ. නිසි වෙලාවට ව්‍යායාම කිරීම මොහුගේ දෛනික පුරුද්දක්.

සිරුර විනාශ කරන මත්පැන් පානයෙන් ඔහු සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවා. ශරීරයේ සෛල අලුත්වැඩියා වෙන්න අවශ්‍ය නින්ද ඔහු අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. ඉතින් ඔහුගේ පරම්පරාවෙන් ලැබුණු හොඳ ජානත් මේකට බලපානවා කියලයි ඔහු කියන්නේ.

වයසට යන එක නවත්වන්න බැරි වුණත්, වයසට යද්දී අපේ පෙනුම තීරණය කරන්නේ අපේ ජීවන රටාවයි කියන එකට Chuando Tan කියන්නේ ලෝකෙටම තියෙන ලොකුම උදාහරණයක්
Previous articleසමාජ මාධ්‍ය හෙල්ලූ කොළඹ ප්‍රකට පාසලේ ගුරුවරියන් සහ ශිෂ්‍ය නායකයා අතර සිද්ධිය ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න
Next article“ඔය මඩ ප්‍රහාර මගේ දරුවටවත්, මගේ රස්සාවටවත් බලපාන්න දෙන්න එපා කියල ඉල්ලීමක් කරනවා..” සිදුවූ වරද ගැන උපේක්ෂා විශේෂ සටහනක් තබයි..
error: Content is protected !!
Verified by MonsterInsights