නිසි පැය ගණනක නින්දක් ඔබේ ජීවිතයට මොන තරම් නම් වැදගත්ද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්.
න්ද යනු මිනිසාට ඉතා අත්‍යවශ්‍ය, දෛනිකව සිදු කළ යුතු වැදගත් අංගයක්. දළ වශයෙන් සාමාන්‍ය මිනිසෙකු දිනකට පැය 6 – 8 ක් අතර කාලයක නින්දක් ලබාගැනීම සෞඛ්‍යමත් ජීවිතයකට අඩි තාලමක්.
නමුත් තරඟකාරී ලෝකය තුළ බොහෝ දෙනා අද වන විට නින්ද අමතක කරමින් එය සඳහා දිය යුතු කාලය අවම කරමින් අනෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙනවා.
නමුත් මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ නිදි වැරීම මගින් සෞඛ්‍යයට හානි ගෙන දෙන අතර, නිදි වැරීම නැතිනම් sleep deprivation ලෙස හඳුන්වන්නේ තමන්ගේ සෞඛ්‍යයට අවශ්‍ය පරිදි හොඳ නින්දක් නොලැබීමයි.
මෙය කෙටි කාලයක් පුරාවට කළද, දිගු කාලයක් පුරාවට සිදු කළද මෙමඟින් අත්වන අවදානම් තත්ත්ව නම් බොහෝමයි.
මෙහි දරුණු බව කෙතරම් ද කිවහොත් බටහිර ලෝකයේ සතුන් යොදා ගෙන සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූයේ, ආහාර පාන සියලු දේ තිබුණ ද දින ගණනක් තිස්සේ නිදි වැරීම මගින් මරණය පවා සිදු විය හැකි බවයි.
අඩු නින්ද නිසා ඇතිවන රෝගී තත්ත්වයන්…
– මස්පිඩු වේදනාවන් (muscle aching]
– අත්පය වෙව්ලීම (tremors]
– මතකය අඩු වීම [memory loss]
– අධික රුධිර පීඩනය
– දියවැඩියා තත්ත්වය
– Hallucinations
– තරබාරු වීම සහ හිසරදය
තවද පර්යේෂණාත්මක වාර්තා සඳහන් කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නිදි වැරීම නිසා දියවැඩියාව තත්ත්වය ඉතා පහසුවෙන්ම මතු විය හැකි බවයි.
නමුත් මෙය කෙසේ සිදුවනවාද කියා විද්‍යාත්මකව අනාවරණය කිරිම අදටත් ගැටළුවක් වී ඇති අතර, ඇමරිකාවේ කරන ලද සමීක්ෂණ දත්ත කියා සිටින්නේ sleep deprivation නිසා මොළයේ විවිධ කොටස්වල ක්‍රියාකාරිත්වයන් අසාමාන්‍ය වන බවයි. ඉගෙනීම් කටයුතු, දැනීම්, හැඟීම්, සමායෝජනයන් යන මේ සියල්ලම දැඩි ලෙස අඩපණ වන බවයි.
එලෙසම මෙසේ නිදි වැරීම නිසා මානසික රෝග වන bipolar disorder වැනි තත්ත්වයන්ද පහසුවෙන් මතු විය හැකි බවයි.












