Home තරු ගොසිප් මෙන්න නියම බොස්ලා! සුළු සේවකයින්ට iPhone 17 දුන් Wild Cookbook තරුණයාගේ අපූර්ව...

මෙන්න නියම බොස්ලා! සුළු සේවකයින්ට iPhone 17 දුන් Wild Cookbook තරුණයාගේ අපූර්ව ආදර්ශය මෙන්න..

0
161

සාමාන්‍යයෙන් ලොකු සමාගම්වල වටිනා ත්‍යාග සහ විශේෂ වරප්‍රසාද හිමිවන්නේ ඉහළ පුටුවල සිටින නිලධාරීන්ට පමණි. දැනටමත් ආර්ථික වශයෙන් ශක්තිමත් ඔවුන්ට මෙවැනි දෑ අලුත් දෙයක් නොවුණත්, Wild Cookbook හිමිකරු මේ සම්ප්‍රදාය උඩුයටිකුරු කර තිබේ.

​තම ආයතනයේ සැබෑ ශක්තිය වන කෝකියන්ට සහ වේටර්වරුන්ට අලුත්ම මාදිලියේ iPhone 17 ජංගම දුරකථන ත්‍යාග කිරීමට ඔහු කටයුතු කර ඇත.

​වැඩ කරන සේවකයාගෙන් උපරිම ශ්‍රමය ලබාගෙන ඔවුන්ව පීඩනයට පත් කරන ඇතැම් ව්‍යාපාරිකයන්ට මෙය කදිම පාඩමකි. දිවා රෑ නොබලා වෙහෙසෙන සාමාන්‍ය ශ්‍රමිකයාට ලැබුණු මෙම වටිනා ඇගයීම ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි.

​තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් දහඩිය හෙලන මිනිසුන්ව සතුටු කිරීම තරම් තවත් ජයග්‍රහණයක් නැති බව මේ තරුණයා සැබවින්ම ඔප්පු කර ඇත. සැබෑ වාසනාවන්තයින් පිරිසක් සිටින Wild Cookbook කණ්ඩායමට අපගේ උණුසුම් සුබපැතුම්!

Previous articleමෙන්න මේ ප්‍රදේශ කිහිපයකට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම්! ජනතාව දැනුවත් විය යුතුම පුවතක් මෙන්න.
Next articleහිතේ සතුට ට කඳු තරණයට ගිය අවු. 25ක් ශ්‍රී ලාංකීය තරුණයා ඉතාලියේදී සිදු වූ හද කම්පා කරනවන පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights