Home ජීවිතයට යමක් “සීයේ… මැෂින් එකේ සල්ලි හිරවෙලා තිබුණේ. මෙන්න සල්ලි ආවා!” කවදාවත් මෙහෙම කරන්න...

“සීයේ… මැෂින් එකේ සල්ලි හිරවෙලා තිබුණේ. මෙන්න සල්ලි ආවා!” කවදාවත් මෙහෙම කරන්න එපා…. ඇහුවොත් ඇසට කඳුලක් ගෙන එන කතාවක්.

0
483
අද කාලේ සල්ලි පස්සේ දුවන ලෝකෙක, මනුෂ්‍යත්වය තාමත් ජීවත් වෙනවා කියලා ඔප්පු කරපු හරිම සංවේදී සිදුවීමක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා දකින්න ලැබුණා.

මේ කතාව ඇහුවම ඔබේ ඇසටත් කඳුළක් ඒවි.

බැංකුව අසල ATM පෝලිම සෑහෙන දිගයි. පෝලිමේ ඉදිරියෙන්ම හිටියේ වෙවුලන දෑතින් කාඩ්පත මැෂින් එකට දමමින් නැවත ගනිමින් සිටි වයසක සීයා කෙනෙක්. විනාඩි 10ක් තිස්සේ ඔහු මේ උත්සාහය අත්හැරියේ නැහැ. පෝලිමේ පිටුපස සිටි පිරිස නොඉවසිල්ලෙන් කෑගසන්නට වුණේ සීයා නිසා තමන්ට ප්‍රමාද වන බව පවසමින්.

“මොකද මේ සීයා කරන්නේ? අපිටත් රස්සාවල් වලට යන්න තියෙනවා…”

“පස්සට වෙලා ඉන්නකෝ දන්නේ නැත්නම්!”

නොඉවසිල්ලෙන් සිටි එක් තරුණයෙක් ඉදිරියට ගියේ සීයාට දොස් පවරන්නයි. නමුත් ඔහු දුටු දෙයින් ඔහුගේ කෝපය නිමේෂයකින් අනුකම්පාවට හැරුණා. සීයා වෙවුලන හඬින් මෙහෙම කිව්වා.

“පුතේ… ලොකු පුතා රට ඉඳන් සල්ලි එව්වා කිව්වා. ඒත් සල්ලි එන්නේ නැහැ මහත්තයෝ. මැෂින් එකට ලෙඩක්ද?”

තරුණයා තිරය දෙස බැලුවා. එහි සටහන් වී තිබුණේ “Insufficient Balance” හෙවත් ගිණුමේ මුදල් නොමැති බවයි. රට ඉන්න පුතා බොරු කියා තිබුණා. මේ අහිංසක තාත්තා දැවෙන අව්වේ බැංකුවට ඇවිත් තිබුණේ හිස් ගිණුමකට කාඩ් එක ඔබන්නයි.

සීයාගේ හදවත බිඳෙනවා දකින්න ඒ තරුණයාට වුවමනා වුණේ නැහැ. තමන්ගේ මුදල් පසුම්බියේ තිබුණු අවසන් රුපියල් 5000 නෝට්ටුව අතට ගත් ඔහු, එය මැෂින් එකෙන් ආවා වගේ පෙන්වමින් සීයාගේ අතට දුන්නා.

“සීයේ… මැෂින් එකේ සල්ලි හිරවෙලා තිබුණේ. මෙන්න සල්ලි ආවා!”

සීයා ඒ මුදල දෑතින්ම අරගෙන දෑසේ තියාගත්තේ පුතා එවූ සල්ලි යැයි සිතමින්. “ඔයාට නිවන් සැප ලැබෙන්න ඕනේ පුතේ…” කියා පවසමින් ඔහු වෙවුලන දෑතින් බෙහෙත් ටික ගන්නට නික්ම ගියා. තමන්ගේ පඩියෙන් කොටසක් අහිමි වුණත්, ඒ තරුණයාට දැනුණේ කියා නිම කළ නොහැකි සතුටක්.

අම්මලා තාත්තලා පාරේ හිඟමන් යදින තත්ත්වයට පත් කරන්න එපා. බොරු බලාපොරොත්තු දීලා ඔවුන්ව පාරවල් ගානේ රස්තියාදු කරන්න එපා. කන්න නැතත් ඇත්ත කියන්න.
Previous articleදරු සම්පත් නැති අයට දරුවන් ලබා දුන් මැඩියාවේ ජීවකයා
Next articleඅර්ශස් රෝගය නිට්ටාවට සුව කරගන්න හාතාවාරිය වලින් ඔසුවක්
error: Content is protected !!
Verified by MonsterInsights