Home සයුරෙන් එහා පුවත් “දෙවියනේ මෙහෙමත් ගැහැණු” – ලස්සන වෙනවා කියලා කරල තියෙන දේ බලන්න තියා...

“දෙවියනේ මෙහෙමත් ගැහැණු” – ලස්සන වෙනවා කියලා කරල තියෙන දේ බලන්න තියා හිතන්නවත් පුලුවන්ද ?

0
95

ඉන්ස්ටග්‍රෑම් හි සෞඛ්‍යය ප්‍රචාරකයෙකු ලෙස හැඳින්වෙන පූනෙ නගරයේ නුපූර් පිටිගේ නම් කාන්තාව කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී පවතිනවා.

මෙය ඇය පලකර ඇත්තේ “Urine Eye Wash – Nature’s Own Medicine” යන මාතෘකාව යටතේයි.

එහිදී ඇය ඇස්වල රතුබව, වියළි බව සහ අසාත්මිකතාවට ප්‍රතිකාර ලෙස තමන්ගේම මූත්‍රා භාවිතා කර ඇස් සෝදන ආකාරය පෙන්වා දෙනවා.

මෙම වීඩියෝව පළ කර පැය 24ක් ඇතුළත බැලීම් වාර 1.5 ලක්ෂය ඉක්මවූ අතර, සමාජ ජාලාවල විශාල විවේචනයට ලක්ව ඇති බව සදහන්.

වෛද්‍යවරුන් මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන අතර, එය අසනීපදායක, අනාරක්ෂිත සහ ඇස්වල දැඩි හානි ඇති කළ හැකි බවටයි අවධාරණය කරන්නේ.

ඔවුන් අනතුරු ඇඟවන්නේ, එය ඇස්වලට යෙදීම අතිශය අනතුරුදායක බවයි.

එමෙන්ම, සමාජ මාධ්‍ය භාවිතාකරුවන් රැසක් ඇයව දැඩිව විවේචනය කරමින් මෙය “වැරදි සහ අවධානමක්” ලෙස දෙනවා.

Previous articleකවුරුත් ආදරය කරන පුංචි ඒඩ්න්ගේ උපන්දින සැමරුම මෙන්න..
Next articleලොවක් ආදරේ කරන බිග් බොස් සල්මන්ට දැන් කොහොමද ? ලොවක් හොයන ආරංචිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights