කාන්තාවකගේ සුන්දරත්වයට තනි වචනයක් කිව්වොත්…. ඇය තමයි ඩයනා….
ඩයනා ස්පෙන්සර්… එහෙමත් නැත්නම් වේල්ස් හි ආදිපාදවරිය…එංගලන්තයේ රෝස කුසුම….
ලෝකයේ වඩාත් කතාබහට ලක්වුණු කාන්තාව වගේම, වැඩිම පිරිසක් සහභාගි වනු අවමංගල්‍යය උත්සවයේ අයිතිකාරිය වෙන්නෙත් ඇය. සුන්දරත්වය ප්‍රතිමූර්තියක් බඳුව ඉපදුනු ඇය හදවතින්ද සුන්දර ඒ වගේම පොහොසත් කාන්තාවක් වුණා.
ඩයනා නිසා තමන්ගේ ජීවිතය අල්ලගත්ත දරුවන් බොහෝ පිරිසක් සිටියා. ඒ අතර කළු ජාතික දරුවන්, අතරමග අධ්‍යාපනය නවතා දමා එහෙත් නැවත අධ්‍යාපනය සඳහා යොමුවුණු දරුවන්, පෝලියෝ රෝගයෙන් බැටකමින් සිටි දරුවන් ට බොහෝ දෙනෙක් ලෝකයේ තාමත් ජීවත් වෙනවා ඇති.
වේල්සයේ කුමරිය ලෙසින් මුළු ලෝකයම හඳුනාගත් ඇය, ආදරය නිසාම එක් කලෙක සියල්ල කැප කල, තවත් කලක ආදරය නිසාම සියල්ල අහිමි කරගත් කාන්තාවක්. තමන්ට දැනෙන මානසික පීඩනයෙන් මිදීම සඳහාම පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ඇය ජීවිතයම කැප කළා.
බකින්ග්හැම් මාලිගාවේ නීතිරීතිවලට පවා එකඟ නොවෙමින්, කැමති දේ කරන්නට හිතට ධෛර්යය ගැන මාළිගාවේ නිළියට පැමිණි එකම කාන්තාව වෙන්නේ ඩයනා කුමරිය.
මාලිගාවේ කුමරියන්ට දිවීම තහනම් ය යන නීතිය උල්ලංඝනය කරමින් විලියම් කුමරුගේ පාසල් ක්‍රීඩා උත්සවයේදී මව්වරුන්ගේ දිවීමේ තරගයට ඇස් සහභාගි වෙනවා.
ජනතාව අතරට යාම සීමා කර තිබෙන මාලිගාවේ නීති උල්ලංඝනය කරමින් ඇය ජනතාව අතරට යනවා.
මේ නිසාම සමහරවිට ඇය මාළිගාවේ මහර පුද්ගලයන්ගේ වෛරයට ත් පාත්‍ර වෙන්නට ඇති. පාලනය කළ නොහැකි කාන්තාවන් පිළිබඳව අනෙක් අයගේ සිත තුළ ඇතිවන සමහර අදහස් මාළිගාව තුළ සිටින සමහර පුද්ගලයන්ගේ සිත් තුළ ඇය පිළිබඳවත් ඇතිවෙන්නට ඇති.
පසු කලෙක එනම් 1996 වසරේ රැජිණගේ බලවත් බලපෑම නිසාම ඇය චාල්ස් කුමරුගේ දික්කසාද වීමට එකඟවනවා.
එයින් පසුව ඇය තම මිතුරියක් වෙත පවසා සිටින්නේ එය තමන්ගේ ජීවිතයේ ගත් ඉතාම අසීරු තීරණයක් සහ ජීවිත කාලය තුළ අතිශයින් දුකට පත් වූ දිනය එදින බවයි.
පසුව 1997 වසරේ එක් අඳුරු දිනයක, ඇය ප්‍රංශ උමං මාර්ගයකදී අනතුරට පත්ව මිය යනවා.











