Home සයුරෙන් එහා පුවත් කාර්මික දෝෂයක් නිසා යානයක් පහළට ඇද වැටෙයි.. ජපන් ගුවන් සේවකින් වාර්තා වෙන...

කාර්මික දෝෂයක් නිසා යානයක් පහළට ඇද වැටෙයි.. ජපන් ගුවන් සේවකින් වාර්තා වෙන ඒ බිහිසුණු කතාව මෙන්න..

0
46

බෝයිං 737 වර්ගයේ තවත් මගී ප්‍රවාහන යානයක් මිනිත්තු 10ක කාලයක් තුළ අඩි 26,000ක් පහළට වැටීමේ පුවතක් වාර්තා වී තිබේ.

චීනයේ ෂැන්හයි නුවර සිටි ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං 737 යානයක් අඩි 36,000ක උසක සිට අඩි 10,500ක උසක් දක්වා වේගයෙන් පහළට ගමන්කර ඇත.

එහිදී යානාය අභ්‍යන්තරයේ පීඩනය පහත වැටී යානයේ සිටි මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට පත්වූ අතර මෙම සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

කෙසේ නමුත් යානය සාර්ථකව ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට නියමුවන් සමත්ව තිබුණි

Previous articleහද කම්පා කරමින් නොසිතූ ලෙස අවසන් ගමන් ගිය සුරූපි නිළියගේ මරණයට හේතුව…
Next article“වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් – ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී..” ආදරණීය හමුවීමක් ගැන සමනලිය තැබූ සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights