Home සයුරෙන් එහා පුවත් ජපන් වැසියන් බියෙන් සලිත කරවන අනාවැකියක්… තීරණාත්මක දවස අදයි ! එය සත්‍යයක්...

ජපන් වැසියන් බියෙන් සලිත කරවන අනාවැකියක්… තීරණාත්මක දවස අදයි ! එය සත්‍යයක් වේවිද ?

0
89

අද දවස ගැන ඔවුන් තවමත් ඇත්තේ විමතියෙන්.. මේ කියන්න යන්නේ මොකක් ගැනද..?

2025 වසරේ ජූලි පස් වැනිදා, ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට පළවී ඇති අනාවැකියක් පළවී තිබෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. රියෝ තට්සුකි, ඔහු විසින් 2021 වසරේදී අඳින ලද සිතුවමක් මේ කතාවට මුල් වෙනවා.. The Future I Saw නැතිනම්,”මා දුටු අනාගතය” ලෙස එය නම් කර තිබෙනවා..

මේ අනාවැකිය අනුව, 2011 වසරේ ජපානයට බලපෑ සුනාමි තත්ත්වය මෙන් තුන්ගුණයක් විශාල එකක් විය හැකි බව සඳහන් වෙනවා..

මෙම සුනාමි තත්ත්වය ජපානය සහ පිලිපීනය අතර සාගර පතුලේ හටගන්නා බිඳීයාමක් හේතුවෙන් ඇතිවන අතර දැනට සැකපළ කරන්නේ මෙය රිච්ටර් පරිමාණයෙන් 8.0 ට වැඩි ප්‍රබල ගණයේ කම්පනයක් වනු ඇති බවයි..

කෙසේ වෙතත්, මෙම අනාවැකිය සම්බන්ධයෙන් ජපානය, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල සමාජ මාධ්‍යජාල තුළ මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා..

Previous article“ඔව්… එතැනදී මට ඇත්තටම ඇඬුණා…” එකවරම ඇය සංවේදී වුණේ ඇයි..? රංගනය ජීවිතයම කරගත් දිනක්ෂි මේ කියන වෙනස් කතාව මොකක්ද..?
Next articleරටම ආදරේ කරන රංගන ශිල්පී දර්ශන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.. මේ කියන්නේ කාටද ?
error: Content is protected !!
Verified by MonsterInsights