අපේ ජීවිත වෙනස් වෙන්න එකම එක ඇසිපියවිල්ලක් ඇති කියලා මට තේරුම් ගියේ 2012/06/03 දවසේ, මොකද හොදට හිටපු මගේ ජීවිතය උඩුයටිකුරු නරමින් මාව සාදාකාලිකව රෝදපුටුවකට ඇදලා දාපු දවස මම කොහොම අමතක කරන්නද?. 🥺
ඉතින් අපේ ජීවිත හොද පැත්තට වගේම නරක පැත්තට වෙනස් වෙන්න පුළුවන්, හොද පැත්ත හැමෝටම දාරාගන්න පුළුවන් උනත්, නරක පැත්ත විදදාරාගන්න පුළුවන් මිනිස්සු හරිම අඩුයි.
මං මේ වෙනකන් ඉගෙන ගන්න, කරපු කැපකිරිම් විදපු දුක් මං කලින් post එකක් දාලා තියෙනවා. මං මේ post එක දාන්න හිතුවේ මගේ අම්මාට, තාත්තාට, මගේ ගුරුවරුන්ට ,කැලණිය සරසවියේ කථිකාචාර්යවරුන්ට , මට උදව් කරපු දෙවිවරු වගේ මිනිස්සුන්ට, මට උදව් කරපු යාළුවොන්ට, ස්තූති කරන්න හොදම දවස අද නිසා. ❤️😊
මොකද මගේ දෛවය මට ඇදෙන් නැගිට ගන්නවත් බැරි වෙන්නම මාව ජීවිතේ අඩියටම වැට්ටුවා. මගේ ජීවිතේ මං ඇවිදපු කාලයට වඩා, රෝද පුටුවේ ඉන්න කාලය වැඩි වී ගෙන යනවා. ඒත් තවමත් මට මේ ජීවිතයට පුරුදු වෙන්න අපහසුයි. තාමත් ශාරිරික වේදනෙවල් එහෙමමයි. 😕
දෛවයට මගේ කකුල් අඩපන කරන්න පුළුවන් උනත්, මාව හිතින් වට්ටනනම් බැරි වෙන්න ඇති කියලා අද මට හිතෙනවා. ඉතින් හැම අමාරු අවස්ථාවකදීම මට උදව් කරපු දෙවිවරු වගේ මිනිස්සුන්ට, මට දෙන්න පුළුවන් උපරිම ගෞරවය මම අද දුන්නා කියලා හිතනවා. 🥺❤️
O/L , A/L ලියපු කාලයන් කියන්නේ මගේ ජීවිතේ කටුකම කාලයක්. ඒ කාලේ මට ලොකු හයියක් උන හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යෙලයේ විදුහල්පති තුමායත් , ගුරුවරැන්ටත් , කාර්යමන්ඩලයටත් ගොඩක් ස්තූතියි. ඒ කාලේ මට ලොකු හයියක් උන සීතා මිස්,කවදාවත් මට අමතක වෙන්නේ නෑ. 🙏🏻🙏🏻❤️ තිලංකා මිස්, නයන්ති මිස් , කූමාරි මිස් ඔයාලටත් ගොඩක් ස්තූතියි. ❤️🙏🏻
උපතින් අබාධිත කෙනෙකුට ඒ ජීවිතය හුරුපුරුදු උනත්, ජීවිතයේ යම්කිසි කාලයක දී අබාධිත වෙන්න උනොත්, ඒකට හැඩහැහෙන්න ඒක කරන්න අමාරු දෙයක්, ඒ ශාරිරික වේදනවල් දාරාගන්න එක ටිකක් අමාරු වැඩක්. අදටත් මං වාඩි වෙලා හිටියාම, මගේ කොන්දේ තියෙන වේදනාවේ අඩුවක් නෑ. 😕 ඒත් මං ඒක ගනන් නොගෙන ඉන්න දැන් තරමක් හුරුවෙලා. ඉතින් ඒ දේවල් දැන් පරණයි. ඒ ගැන ලොකු කතාවක් මගේ wall එකේ තියෙනවා. කැමතිනම් කියවලා බලන්න. 😊 ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් දෙයක් තිබ්බොත් ගන්න. ❤️
University Registration ආපු දවසේ හිතට දැනෙන සතුට වචනවලට පෙරලන්න කිසිම කෙනෙකුට තේරෙන්නැතුව ඇති, ඒක මටත් එහෙමයි. 😊❤️
හැබැයි මගේ තත්වයත් එක්ක කැම්පස් එකට යන එන එක මට ලොකු අභියෝගයක් උනා. 😒 මොකද මට Hostal ඉන්න බෑ, bord වෙලා ඉන්න බෑ, මගේ තත්වෙත් එක්ක මට පුරුදු මට පහසුම තැන මගේ ගෙදර. ඒත් මට යන්න එන්න උනේ හයර් එකට ත්‍රී වීල් එකක. ඉතින් මුදල් ප්‍රශ්න නිසා මට හැමදාම Lectures වලටනම් යන්න උනේ නෑ. හැබැයි මට සතියට දවසක් දෙකක් හරි කැම්පස් එකට යන්න එන්න පුළුවන් උනේ මං අර කිව්ව දෙවිවරු වගේ මිනිස්සු නිසා. 🙏🏻
කැම්පස් ඒක ඇතුලේදි මං එනවා දැකපු ගමන් මගේ ලගට ඇවිග් මගේ wheel chair එක Set කරලා, මාව ත්‍රීවීල් එකෙනුත් බස්සගෙන lectures වලට අරං ගියපු කට්ටියක් හිටියා. ඔයාලා හැමෝම මට මතකයි. ගොඩක් පිං මට ඒ දීපු Support එකට. ❤️😊 Exam කාලේ දී උනත් හොරෙන් කුප්පි දාපු අය අතරේ, මාව ගෙන්නගෙන මට පාඩම් කියලා දීපූ, මට එන්න අමාරු කාලවලදී , එළිවෙනකන් මාව Call එකේ තියාගෙන මට පාඩම් කියලා දීපූ, මං අසනීප වෙලා ඉද්දි මගේ academic වැඩවලට උදව් කරපු, Note හදලා මට එවපු, මාව රස්තියාදු නොකර මගේ Student ID එක පවා ගෙනත් දීපූ හැමොවම මට මතකයි. ❤️ නම් නොකිව්වට ඔයාලා හැමොටම හදවතින්ම ස්තූතියි. ❤️ ඒ වගේම මාව මගහැරපු අයවත් මට මතකයි. 😄 කැම්පස් එකේ lecturersලා අතරින්, හෂාන් සර් , අජන්ත සර් මට දීපූ සපොර්ට් එකට ගොඩක් ස්තූතියි. ඒ වගේම කථිකාචර්යවරු හැමෝටම ගොඩක් ස්තූතියි. 🙏🏻❤️
තුන්වෙනි අවුරුද්ද වගේ යද්දි, මට හැමදාම lectures යන්න උන නිසාත්, ඒකට ලොකු cost එකක් යන නිසා, මං Facebook එකේ දාන එක post නිසා, ලංකාව වටේම ඉන්න හිත් ලස්සන මිනිස්සු නිසා මට යන්න එන්න ත්‍රී වීල් එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ උදව් කරපු හැමෝටම මට දෙන්න පුළුවන් උපරිම වටිනාකම මං ඔයාලා වෙනුවෙන් දුන්නා කියලා මං හිතනවා. ඉතින් මට ඒ වේලාවේදී මදි වෙච්ච සල්ලි හොයාගන්න අචලා අක්කා, මනෙජ් අයියා ලොකු support එකක් දුන්නා. ❤️ එදා මට මතකයි මනේජ් අයියා මට කිව්වා , දවසක “අයියේ මං උපාධිය ගත්තා” කියලා කියන වචන ටික අහන්න ආසයි කියලා. ඉතින් අයියේ මං ඒක කලා. 😊
සරසවි ජීවිතය ලොකුවට විදින්නනම් මට ලැබුනේ නැහැ, Trip යන්න ලැබුනේ නැහැ, එහෙම යන්න එන්න ආස උනත්, අනිත් අයට කරදරයක් වෙන්න බැරි නිසා. අවශ්‍ය වැඩේ විතරක් කරලා පැත්තකට වෙලා හිටියා.😊
කැම්පස් එකේදි පලවෙනි දවසේ හම්බුන ගොඩක් අය අන්තිම දවසේ දැක්කේ නෑ, පලවෙනි දවසේ කතා කරපු අය අන්තිම දවසේ කතා කලේ නෑ. හැබැයි වෙනසක් නැතුව හම්බුන මුල් දවසේ වගේම හිනාවක් දාලා වචනයක් හරි කතා කරලා යන මිනිස්සු හරි ආදරණියයි. 💕ඉතින් පුරුදු වෙන්න තමන් කොච්චර ඉහළට ගියත් මනුස්සකම් අමතක නොකරන්න. මොකද උපාධියක් කියන්නේ ජීවිතේ හැමදේම නෙවෙයි. ❤️❤️
හතරවෙනි අවුරුද්දෙදී internship එකක් හොයාගන්න මට උදව් කරපු වයෝමී මැඩම් ඇත්තටම ගොඩක් ස්තූතියි. ඒකාලේ දී හොරේ පිටට මරේ කියලා මගේ කකුලකුත් කැඩෙනවා. ඉතින් මං internship එක කරපු ආයතනයේ මගේ සුපර්වයිසර් විදියට හිටපු කිෂ්ණ සර්ගෙන් මට ලැබුණ Support එක නිසා recovery වෙන ගමන් මට intern එකත් කරගන්න පුළුවන් උනා. ❤️
මට තිබුණ ප්‍රශ්නත් එක්ක පටන් ගත්තු දේ ඉවර වෙනකල්ම කරගන්න පුළුවන් උන එක මට සතුටුයි. 🥺 ඉතින් සමහර මිනිස්සු නැත්නම් මට මේ දේ කරගන්න අමාරු වෙනවා. ඉතින් මට හයියක් වෙච්ච හැමෝටම ගොඩක් පිං. ❤️🙏🏻 මගේ තත්වෙත් එක්ක company එකක job එකක් කරන එක තරමක් අපහසුයි. මොකද කලින් තිබුන තුවාලේ ප්‍රශ්නේ ආපහු ඇවිත්. 😕ආයේ ඉතින් හිටි ගමන් එක එක අකරතැබ්බ වෙනවා. 😆මං ගොඩක් වේලාව උත්සහා කරන්නේ මගේම කියලා දෙයක් පටන් ගන්න. බලමු හැමදේකටම හොදම වේලාව එන්න ඕන. මටත් හරියන දවස එනකල් මං උත්සහා කරනවා. 💪❤️
මොකද ,
“කොන්ද කැඩුනත් ඔළුව පණ තියෙනකන් ජීවත් වෙන්න ඕන. “❤️
ඉතින් මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පිං. ❤️🙏🏻
📸Grads Gallery | Nirosh Madhushanka Photography