Home දේශිය පුවත් “ලොතරැයි චෙක්පත සාක්කුවේ තිබුණත්, ගෙදර යන්න ඔහුට වාසනාව තිබුණේ නෑ….” පුංචි පුතුගේ...

“ලොතරැයි චෙක්පත සාක්කුවේ තිබුණත්, ගෙදර යන්න ඔහුට වාසනාව තිබුණේ නෑ….” පුංචි පුතුගේ පියාට, දෛවය ලියූ අවාසනාවන්ත නිමාව!

0
5415

 

ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. සතුට දෝතින් අරන් එන මොහොතකම මාරයා සැඟවී සිට පැමිණෙන්නේ කවදාදැයි කිසිවෙකුත් දන්නේ නැහැ.

දහසක් බලාපොරොත්තු හිතේ දරාගෙන දිනූ ලොතරැයි පතේ මුදල් චෙක්පතත් සාක්කුවේ දමාගෙන ආපසු එමින් සිටි 44 හැවිරිදි පියෙකුට, සිය ගමනාන්තයට යන්නට පෙරම මරු කැඳවූ ඒ පුවත ඇසූ කාගේත් හදවත් කම්පාවට පත් වුණා.

කිරිඇල්ල නැඳුන් රජමහා විහාරයේ දානය පිළියෙළ කරමින් දිවි සරිකරගත් ෂන්මුගම් ආනන්දන්, ලක්ෂ දහයක ලොතරැයි දිනුමකට හිමිකම් කීවේ මුළු ජීවිතයම වෙනස් කරගන්නට හිතේ දරාගත් හීන දහසක් ඇතුවයි. තමන්ට සිංහල ලිවීමට නොහැකි නිසා, විශ්වාසවන්තම මිතුරාගේ නමට ඒ දිනුම ලබාගත් ඔහු කොළඹ සිට යතුරුපැදියෙන් ආපසු එමින් සිටියේ තමන්ගේ 03 හැවිරිදි දරුවාටත් බිරිඳටත් හොඳ අනාගතයක් හදන්නට ඇති බලාපොරොත්තුවෙන් වන්නට ඇති.

හොරණ කොළඹ මාර්ගයේ පොකුණුවිට ප්‍රදේශයට එන විට දෛවය ඔහුට හරස් වුණා. යතුරුපැදිය පදවාගෙන ආ මිතුරාට මොහොතකට නින්ද යාමත් සමඟ පාලනයෙන් ගිලිහී ගිය යතුරුපැදිය පාරෙන් ඉවතට පැන බෝක්කුවක වැදුණේ නිමේෂයකින්. යතුරුපැදියේ පිටුපස අසුනේ වාසනාව දෝතින් දරාගෙන ආ ෂන්මුගම්ගේ හිසට සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ බරපතල තුවාල හමුවේ ඔහුට යළිත් නැගිටින්නට ඉඩක් ලැබුණේ නැහැ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මේ පියා, මියයන විට අවුරුදු 03ක පුංචි දරුවෙකුගේ පියෙක්. ලක්ෂ දහයක සතුට නිවසට රැගෙන එනතුරු මඟ බලා සිටි ඔහුගේ පවුලේ අයට දැන් ඉතිරිව ඇත්තේ කඳුළක් සහ දරාගත නොහැකි වේදනාවක් පමණයි.

හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතාගේ නිගමනය වූයේ මෙය අනතුරක් නිසා සිදුවූ මරණයක් බවයි.

Previous articleසනත් – ජානකීගේ විවාහය දෙදුරා ගිය ඇත්තම හේතුව ?සනත් ගුණනිලක (නො)කියූ කතාව මෙන්න..
Next articleගමන අවසානයේ ඔහු දුන් රුපියල් 200ටත් වඩා වටිනා ඒ වචන පෙළ. රියදුරු මහතාටත් අදහාගත නොහැකි වූ දේ…
error: Content is protected !!
Verified by MonsterInsights