Home දේශිය පුවත් තම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය...

තම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධහමුදා විශ්‍රාමික මේජර් වරයකු ගැන ඇසෙන කතාව

0
69

තම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධහමුදා විශ්‍රාමික මේජර් වරයකු පිළිබඳ පුවතක් ගලේවෙල ඇතා බැඳිවැව තලකිරියාගම ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබුණි.
ඔහු 44 හැවිරිදි එම්. ජී. ජයවීර නම් තිදරු පියෙකි.

යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සිට විශ්‍රාම යෑමෙන් පසු කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කළ අයෙකි.

හිසේ අභ්‍යන්තරයේ පැවති ගෙඩියක් පුපුරා යෑමෙන් ඔහු මියගොස් ඇතැයි ඥාතීහු ප්‍රකාශ කර ඇත.
මෙම කොමාන්ඩෝ බලකායේ සෙබලාගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව තිබීම හේතුවෙන් ඔහුද මිය යන්නට පෙර ඥාතීන් සමඟ පවසා ඇත්තේ තවත් අයෙකුට ජීවත්වීමට තම ශරීරයේ කොටස් ලබා දීමට අවශ්‍ය බවය.

ඒ අනුව මියගිය ජයවීර විශ්‍රාමික කමාන්ඩෝ සෙබළාගේ බිරිඳ වන කේ. ජී. ධම්මිකා කුමාරි වීරසේකර (39 ) ප්‍රකාශ කර ඇත්තේ තම සැමියාගේ ඇස්, වකුගඩු, අගන්‍යාශය, හදවත,ලේ,මස්,
දණහිස් ඇතුළු ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දාහතරක් දන් දීමට කැමැත්ත පළ කළ බවය.

තම සැමියා මියගියද තවත් අයෙකු තම සැමියා වෙනුවෙන් ජීවත්වීම සතුටට පත්වෙන බව ඇය ප්‍රකාශ කර ඇත.
සදාදර සොයුරැ සෙන්පතියානනි නුබ කල ඒ මෙහෙයට සමස්ත ජාතියේම උත්තමාචාරය පු.ර, තේජමාන විරුවෝ අපගේ හදපිරි භක්ති ප්‍රණාමයද පුදකර සිටින්නෙමු .

Previous article“හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්.. හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්..” ජීවිතයේ තවත් වසන්තයකට පා තැබූ කුමාර සහ නිරෝෂා යුවල..
Next articleසැබෑ ප්‍රේමවන්තයෙක් දුටුවෙමි… ඇගේ නිසල සිරුර ගෙට ගෙන ආ මොහොතේ හෘදයාබාධයකින් ඔහුත් සමු අරන්..
error: Content is protected !!
Verified by MonsterInsights