Home දේශිය පුවත් සැබෑ ප්‍රේමවන්තයෙක් දුටුවෙමි… ඇගේ නිසල සිරුර ගෙට ගෙන ආ මොහොතේ හෘදයාබාධයකින් ඔහුත්...

සැබෑ ප්‍රේමවන්තයෙක් දුටුවෙමි… ඇගේ නිසල සිරුර ගෙට ගෙන ආ මොහොතේ හෘදයාබාධයකින් ඔහුත් සමු අරන්..

0
375

 

 

ප්‍රේමය එකිනෙකාට විවිධ ලෙස අර්ථකතනය කරන්න පුළුවන්. මේ අන්න ඒ වගේ තවත් එක් අවස්ථාවක්.

ඔවුන්ගේ ජීවිත කතාව ගැන දන්නා බොහෝ දෙනා අතරේ නොදන්නා පිරිසක්ද වෙන්න පුළුවන්.

ඒත් ඒ හැම කෙනෙක්ම අද මේ දෙදෙනා ගැන දැනගන්නේ ඔවුන්ගේ ආදර කතාව වගේම ජීවන කතාවද හරි වෙනස් විදිහකට අවසන් වුණු කිසා කියලා කියන්න පුළුවන්. මේ දෙදෙනා කිසි දිනෙක එකිනෙකාගේ හිත් නොරිද්දාගත් වැඩිහිටියන් දෙපළක් වුණා.

වචනයෙන්ම කිව්වොත් මේ දෙන්නාම ආදර්ශමත් මව්පියන් යුවලක්. අද සමාජමාධ්‍ය තුළ කාගේත් අවදානයට ලක්වුණු මේ යුවල ගැන ලියැවුණු ඒ කතාවයි මේ..

ඇයට ඔහුත්
ඔහුට ඇයත්
නැතිවම බැරි බව අපි දැනගෙන සිටිමු..
යන එන හැම තැනකම
දෙදෙනාම එකටම ගියා මිසක
තනිව ගිය ගමනක් නැති තරම්ය..
ඔහු අසනීපව ගෙට වී සිටින මොහොතේත්
හදිසියේ ඇය අම්මා බලන්නට ආවත්
පාසැල් කාලයේ ප්‍රේමයක මෙන්
අවුරුදු හැට පහත් පැනපු ඔහු
දුරකථනයෙන් විඩින් විඩ අමතා
කෑවාද? බිව්වාද?
ගෙදර එන්නේ කොයි වෙලාවේද?
අසමින් දුන් ආදරණීය කරදරය
අපි දුටිමු.
උදේ සිට හවස් වන තුරු
දෙන්නාගේ වචන හුවමාරුත් නිමක් නැතිය.
එනමුත්..
නැවතත්..
ඔහුට ඇය නැතිවම බැරිය.
ඇයට ඔහු නැතිවම බැරිය.
මේවා බලාසිටි ඇතැමෙකු
මල මඟුල් යැයි කීවේය..
නමුත්..
පිළිකාවකින් පීඩ විඳ නික්මී ගිය
ඇගේ නිසල සිරුර ගෙට ගෙන ආ මොහොතේ
හෘද්‍යාභාදයකින් ඔහු මියගියහ.
ප්‍රේමයෙන් ලය පැලී මියගිය පිරිමින්
අප පොත පතෙහි කියවා ඇත.
අප චිත්‍රපටවල දැක ඇත.
හැබැහින් දකින්නට ලැබුනේ පළමුවරටය.
‘ඔවුන් සියල්ල හැර දමා ගොස් ඇත.
ප්‍රේමයේ සුවඳ පමණක් ඉතිරි කොට ඇත.’
නිවන් සුව ලැබේවා ලොකු අම්මා, ලොකු තාත්තා.

Previous articleතම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධහමුදා විශ්‍රාමික මේජර් වරයකු ගැන ඇසෙන කතාව
Next article“පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී…” – හදිසි අනතුරකින් සමුගත් පියාගෙන් පුතාට ලැබුණු උපන්දින තෑග්ග…
error: Content is protected !!
Verified by MonsterInsights