Home සයුරෙන් එහා පුවත් “පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී…” – හදිසි අනතුරකින් සමුගත් පියාගෙන් පුතාට...

“පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී…” – හදිසි අනතුරකින් සමුගත් පියාගෙන් පුතාට ලැබුණු උපන්දින තෑග්ග…

0
29

 

මේ පිය සෙනෙහස ගැන ඇහෙන කතාවක්…

හදිසි අනතුරකින් මියගිය පියා විසින් මරණයෙන් දිනකට පසුව සිය පුතුට උපන්දින ත්‍යාගයක් ලබාදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

නවදිල්ලියේ කැන්ටන්මන්ට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය සිදුවූ රිය අනතුරකින් නව්ජොත් සිං නම් පුද්ගලයෙක් ඊයේ (15) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊට පසුදින ඔහුගේ පුත්‍රයාගේ උපන්දිනය යෙදී තිබූ බව සදහන්.

ඒ අනුව පියා ඔහු වෙනුවෙන් ඇණවුම් කර තිබූ තෑගි කිහිපයක් නන්නූර් වෙත අද උදෑසන ලැබී ඇති බව පැවසෙනවා.

ඒ ජිවිතක්ෂයට පත්වීමට පෙර පියා විසින් ඇනවුම් කළ ත්‍යාගයක් බවයි සඳහන් වන්නේ.

ඔහුගේ පුතා ආහාර පිසීමේ කටයුතු සඳහා උනන්දුවක් දැක්වීම නිසා Air fryer වර්ගයේ උඳුනක් සහ කමිසයක් උපන් දින තෑගි ලෙස ඇනවුම් කර ඇති බව සදහන්.

ඒ අනූව මියගිය පියාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත දිනයේ උදැසන එම ත්‍යාගය ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සිදුවීමෙන් නන්නූර් සිං ඉතාමත් සංවේදීත්වයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

Previous articleසැබෑ ප්‍රේමවන්තයෙක් දුටුවෙමි… ඇගේ නිසල සිරුර ගෙට ගෙන ආ මොහොතේ හෘදයාබාධයකින් ඔහුත් සමු අරන්..
Next articleදෙසැම්බරයේ යුග දිවියට පිවිසීමට සිහින දැකපු සඳමාලිගේ සිහින සියල්ල බොඳ වෙයි. අයියා එක්ක එන්න ගිය සඳමාලිට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights