Home සයුරෙන් එහා පුවත් උදෑසනින්ම ඇසෙන කණගාටුදායක පුවතක්.. දශක පහකට වැඩි කලක් රංගනයෙන් කාගේත් ආදර දිනාගත්...

උදෑසනින්ම ඇසෙන කණගාටුදායක පුවතක්.. දශක පහකට වැඩි කලක් රංගනයෙන් කාගේත් ආදර දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් ජීවන රඟමඩලින් බැස යයි..

0
88

ඔහුගේ නික්මයාම තවත් ඇදහිය නොහැකි ආරංචියක්.. ඒ වගේම සිනමාවට කලාවට විශාල හිස්තැනක්..

කවුරු ගැනද මේ කියන්න යන්නේ?

බොලිවුඩයේ ප්‍රවීණ නළුවකු , අධ්‍යක්ෂකවරයකු සහ විකට රංගන ශිල්පියෙක් වන ප්‍රවීණ නළු ගෝවර්ධන් අස්රානි ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 84 වැනි වියේ පසුවුණා.

එම මරණය සිදුවෙන්නට පැය කිහිපයකට පෙර, මොහු තම රසිකයින්ට දීපවාලි උත්සවයට සුබ පතමින්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් පළ කර තිබුණා.

මේ පුවත දැනගත් විගසම ඔහුගේ රසිකයින් කම්පනයට පත් කළ තවත් පුවතක් වුණේ අන්න ඒ නිසයි.

1960 ගණන්වල මැද භාගයේදී හින්දි චිත්‍රපට කර්මාන්තයට එක්වුණු ඔහු, දශක පහකට අධික කාලයක් පුරා විහිදී ගිය වෘත්තීයමය ජීවිතය තුළ, චිත්‍රපට 350 කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී තිබෙනවා.

Previous articleකාර්යාලයේ, ගෙදර, ඔබත් AC භාවිතා කරනවනම් මේ රෝග සියල්ලටම ඔබ ගොදුරු වෙනවා
Next articleපන්ති කාමරයේදී මල් කැකුලකට ඛේදජනක ඉරණමක් අත්කරදුන් ගුරුවරියට අත් වූ ඉරණම…
error: Content is protected !!
Verified by MonsterInsights