Home දේශිය පුවත් “අවුරුදු තුනක් මං ඔයාව බලා ගත්තේ මලක් වගේ… ඉදිරියටත් එහෙමයි…” මතු උපදින...

“අවුරුදු තුනක් මං ඔයාව බලා ගත්තේ මලක් වගේ… ඉදිරියටත් එහෙමයි…” මතු උපදින හැම භවයකම ඇයව පතන දුවක වුණු ශිරෝමිකා මවගේ උපන්දිනය දවසේ කළ ආදරණීය දේ මෙන්න..

0
36

මේ තවත් එක් හද සංවේදී කළ කතාවක්. ඈ මොන තරම් නම් බෝසත් ගතිගුණ ඇති දියණියක්ද..? ඒ මෙවන් මවකගේ දියණියක් වුණු නිසාම වෙන්න පුළුවන්.

පුංචි තිරයේ අපි කාගේත් මුවඟට සිනහවක් ගෙනෙන, ශිරෝමිකා ප්‍රනාන්දු ගැනයි මේ ආදරණීය කතාව. මවක් සහ දියණියක් අතර පවතින සම්බන්ධය හරිම ආත්මීයයි. දැන් ඇයත් මවක්. ඒ නිසා මේ බැඳීමේ තරම විස්තර කරන්න ඇයටත් වචන මදි ඇති.

ශිරෝමිකාගේ ආදරණිය මව දැන් සිටින්නේ ඔත්පලවයි. ඒත් ඇගේ උපන්දිනය ඇයට සතුටු හිතෙන දවසක් කරන්න ශිරෝමිකා මෙන්න මේ විදිහට කටයුතු කරලා. ඇයට ඒ මොහොතේ ඇයට කඳුළක් එන්න ඇති.

ඒ තමන්ගේ දුව තමන්ට මේ තරම් ආදරෙයි කියන හැඟීමත් එක්ක.. කොහොම වුණත් මවගේ සතුට වෙනුවෙන් එදා දවසේ කාලය වෙන්කරගත්ත ඒ ජනප්‍රිය රංගන ශිල්පිනිය මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

“මගේ රත්තරන් මැණිකගේ උපන්දිනය වෙනුවෙන් ඒ දවසේම කේක් එකක් කපලා, චාමෙට සැමරුවා. දැන් ඉන්න තත්වෙත් එක්ක පන්සලකට යන්න අමාරුයි. මාත් එක්ක තව අවුරුදු විස්සක් ඉන්න. මාව නිදහස් කරන්න ඕනෙලු. මට ඔයා බරක් නෑ. අවුරුදු තුනක් මං ඔයාව බලා ගත්තේ මලක් වගේ. ඉදිරියටත් එහෙමයි. මතු ආත්මේ මම ඔයාගේ අම්මා වෙලා ඔයා මගේ දුව වෙන්න ඕනේ. මගේ ආදරණීය අම්මට සුභ උපන්දිනයක්. ඒවා දීර්ඝ ආයුෂ ලැබේවා..”

Previous articleබැංකොක් නුවර ටැක්සියක අමතක වුනු ශ්‍රී ලංකා විශ්ව රූ රැජින දිනූ ලිහාෂාගේ ඔටුන්න යලි හමුවේ
Next articleඉවසීමෙන් බලාගෙන හිටපු කාලයක්.. ලොකුම හීනයක් සැබෑවක් කරගත් සාරංග – දිනක්ෂි..
error: Content is protected !!
Verified by MonsterInsights