Home ජීවිතයට යමක් පුංචි පැටියගේ සුවඳට කියලා අපි කරන මේ භයානක වැරැද්ද දන්නවද? අදම වෙනස්...

පුංචි පැටියගේ සුවඳට කියලා අපි කරන මේ භයානක වැරැද්ද දන්නවද? අදම වෙනස් වෙන්න!

0
5

අපේ අම්මලා, ආච්චිලා පුංචි දරුවෙක් නාවලා ඉවර වුණාම ඇඟ පුරාම බේබි පවුඩර් ටිකක් ගාන්නේ හරිම ආදරෙයිට. “පවුඩර් ටිකක් දැම්මම දාඩිය දාන්නේ නෑ, දරුවාට සනීපෙට නින්ද යයි” කියන විශ්වාසය නිසා අපි පුරුද්දක් විදිහටම මේක කරනවා. ඒත් මේ පුංචි ආදරණීය පුරුද්ද පිටුපස අපේ දරුවන්ගේ අනාගතය අඳුරු කරන බරපතළ වෛද්‍යමය සත්‍යයක් සැඟවිලා තියෙනවා කියලා කී දෙනෙක් දන්නවද?

බොහෝ බේබි පවුඩර් නිෂ්පාදනය වෙන්නේ ‘ටැල්ක්’ (Talc) කියන ඛනිජමය පාෂාණ කුඩු කරලා. අපි පවුඩර් ඉහිනකොට වාතයට මුසුවෙන මේ පියවි ඇසට නොපෙනෙන සියුම් දූවිලි අංශු දරුවාගේ කුඩා පෙනහලු ඇතුළට ආශ්වාස වෙනවා. අපේ පෙනහලු වලට මේ ඛනිජ කුඩු පිටකිරීමේ හැකියාවක් නැති නිසා, ප්‍රතිශක්තිකරණ සෛල සටන් කිරීමෙන් පෙනහලු ඇතුළත කැළැල් ඇති වෙලා පෙනහලු ගල් වී යන ‘ටැල්කෝසිස්’ වැනි මාරාන්තික ශ්වසන රෝගවලට මගපෑදෙනවා. ඒ වගේම ටැල්ක් පාෂාණ ආශ්‍රිතව තිබෙන ඇස්බැස්ටෝස් අංශු නිසා අනාගතයේදී පෙනහලු පිළිකා සෑදීමේ අවදානමත් ඉහළයි.

විශේෂයෙන්ම නැපි අන්දන ප්‍රදේශවල සහ ගැහැණු දරුවන්ගේ රහස්‍ය ප්‍රදේශවල පවුඩර් ගැමීමෙන් මෙම අංශු යෝනි මාර්ගය හරහා ගොස් ඩිම්බකෝෂ පිළිකා ඇති වීමට බලපාන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ වගේම පවුඩර් සහ දහදිය එකතු වී සමේ සිදුරු අවහිර වීමෙන් දරුණු දිලීර ආසාදන සහ දද ඇතිවීමේ අවදානමත් වැඩියි.

දරුවාගේ සම වියළිව තබාගන්න ස්වාභාවික පොල් තෙල් හෝ ළදරු ක්‍රීම් වර්ගයක් පාවිච්චි කිරීම පවුඩර්වලට වඩා දහස් ගුණයකින් ආරක්ෂිතයි. අත්‍යවශ්‍ය නම් ටැල්ක් රහිත ඉරිඟු පිටි (Cornstarch) මත පදනම් වූ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්. අහිංසක දරුවාගේ නිරෝගී හුස්ම ටික රැකදීමට මේ පණිවිඩය හැමෝම එක්ක Share කරන්න.

Previous articleගෙවත්තේ පිපෙන මල් ටික විසි කරන්න කලින් මේක බලන්න: ලස්සන වෙන්නයි ලෙඩ හොඳ කරගන්නයි පුදුම ඔසු රහස් ටිකක්..
error: Content is protected !!
Verified by MonsterInsights