මස්පිඬු පෙරලීමේ වේදනාව නිට්ටාවටම සුව කරන විශ්ම්ත ගොරකා සත්කාරය මෙන්න…

මස්පිඬු පෙරලීමේ වේදනාව නිට්ටාවටම සුව කරන විශ්ම්ත ගොරකා සත්කාරය මෙන්න…

මස්පිඬු පෙරලීමේ වේදනාව (කෙන්ඩා පෙරලීමේ) සුව කරන ගොරකා සත්කාරය👇❤️

සමහර වෙලාවට කෙණ්ඩා පෙරළුනාම ඇතිවන වේදනාව ඉක්මනින් පහව යන්නෙ නෑනේ. ඒ වෙලාවට වෙන්නේ ටිකක් ඉවසීමෙන් ඉන්න. ඒ වුණත් අදින් පසුව මේ ලිපිය කියවන ඔයාට එහෙම දුක් වේදනා දරා ගන්න ඕන වෙන්නේ නෑ.

මස්පිඬු පෙරළීමේ වේදනාව නැත්තම් කෙණ්ඩා පෙරළීම ඇති කෙනෙක් හැර ඒ වේදනාවේ අමාරුව කිසිම කෙනෙක් දන්නෙ නෑ. ඒ වේදනාවත් එක්ක අපිට කරන කියනදේත් ඇත්තටම අමතක වෙනවා. සාමාන්‍යයෙන් මස්පිඬු තදවීමෙන් ඇතිවන අධික වේදනාව තත්පර කිහිපයක් හෝ විනාඩි කිහිපයක් එක දිගට අපේ ශරීරයේ පවතිනවා.

විවිධ පුද්ගලයින්ට මේ කෙණ්ඩා පෙරළීම විවිධාකාර විදියට ඇති වෙනවා. රෑට හරියට නිදාගන්නවත් බෑ. නින්දෙදිම කෙණ්ඩ පෙරලෙනවා. ඉතින් මේ වගේ වෙලාවට පාදයේ මාපට ඇඟිල්ල තමන් සිටින දිශාවට ඇදගෙන සිටීම, ලුණු වතුර ආලේප කිරීම වැනි සරල ප්‍රතිකර්ම කිරීම තුලින් මෙම තත්වයට යම් සහනයක් ඔවුන් ලබා ගන්නවා.

මස්පිඬු පෙරලෙන්න එකට හේතුවක් කියලා නෑ. විවිධ හේතු බලපාන්න පුළුවන්. දහඩිය පිටවීම,,අධික ලෙඩ, රුධිරයේ ඇති ලවණ වර්ග වල වෙනස්වීම්, විවිධ ඖෂධ වර්ග භාවිතය, වැරදි ඉරියව් පැවැත්වීම ආදි නොයෙක් හේතු සාධක නිසා මෙම මස්පිඬු පෙරලීම සිදුවෙනවා. මස්පිඬු පෙරලීමේදී පාදය, බෙල්ල, උරහිස ආදී ප්‍රදේශ වල මස්පිඬු පෙරලීම් සාමාන්‍යයෙන් සිදු වෙනවා.

විටමින් E සහිත ආහාර පාන ලබාගැනීම, හොඳට වතුර පානය කිරීම, මැග්නීසියම් වැනි ක්‍රියා තුළින් මස්පිඬු පෙරලීමේ තත්වය පූර්වයේදී ම බොහෝ සෙයින් වළකා ගන්න පුළුවන්.

පාරම්පරික දේශීය වෙදකමේ සඳහන්ව ඇති මේ වටිනා අත් බෙහෙත හදලා බලන්න. මස්පිඬු පෙරලීමෙන් ඇතිවන ඔබේ වේදනාවන් ඉක්මණින්ම සුව වෙන ආකාරය.

වැදගත්ම කරුණ තමා ඔයා මේ ප්‍රතිකාරයන් සිදු කරන්න ඕන දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ පූර්ණ අනුදැනුම යටතේයි.

අත් බෙහෙත තැවිලි පොට්ටනියක් සහ ආලේපයක් ලෙස ආකාර දෙකකින් සකසනු ලබනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

පරණ ගොරකා මිටක් (පරණ වැඩි තරමට හොඳයි)
තරමක් පැසුනු ගස්ලබු කැබලි කිහිපයක් (ඉදුණු ගස්ලබු නොවේ)
දියලුණු මිටක්
පිරිසිදු වතුර ටිකක්
ආලේපය සකසා ගැනීම සාමාන්‍ය විදිහට පැසුණු ගස්ලබු කැබලි ටික අරන් එයට වතුර ස්වල්පයක් එකතු කර මිරිස් ගලේ හෝ බ්ලෙන්ඩරයේ දමා හොඳින් කොටා ගන්න. ඒ ගස්ලබු පල්පය පිරිසිදු භාජනයකට දමා ගන්න.

තැවිලි පොට්ටනිය සැකසීම

ගොරකා මිට ගෙන බෙහෙත් වංගෙඩියකට දමා හොඳින් තැලී යන්න කොටා ගන්න. මේ සඳහා බෙහෙත් වංගෙඩියක් නොමැති නම් ගෙදර ඇති මිරිස් ගල ගන්න.
පිරිසිදු කපු රෙදි කැබැල්ලක් ගෙන එයට අර තලාගත්ත ගොරකා ටික දමා තැවිලි පොට්ටනියක් සේ බැඳ ගන්න.
ගොරකා ටිකක් සොයාගත නොහැකි අවස්ථාවකදී ගොරකා වෙනුවට ලුණු වලින්ද අපිට මේ පොට්ටනිය හදා ගන්න පුළුවන්. ඒ වුණාට හොඳම පරණ ගොරකා යොදා ගැනීමයි.
ඊළඟට පොට්ටනිය කඩපිම්මේ හෝ ස්ටීමරයක තබා තම්බා ගන්න. මෙය ශරීරයේ තැබිය හැකි උෂ්ණත්වයකට තම්බා ගැනීම ප්‍රමාණවත්.

පිරිසිදු වතුර ටිකට ලුණු ටිකක් දමා හොඳින් දියකරගන්න.
එය රෝගියාගේ ශරීරයේ වේදනා සහිත ස්ථාන වල හොඳින් ආලේප කරන්න.

ඉන්පසු ගොරකා පොට්ටනිය ගෙන ඒ ලුණු ආලේප කල ප්‍රදේශය හොඳින් තවාගන්න.

පසුව ගස්ලබු ආලේපය ආලේප කර ටික වේලාවක් තබන්න. සුළු මොහොතකින් ශරීරයේ වේදනාව නැති වී ඔබට ලොකු සහනයක් ලැබේවි.

උපුටා ගැනීමකි..

Uncategorized