Home තරු ගොසිප් වීදුරු තිර තිරගත වී ටික කලක් වෙනවා. හැබැයි ලංකාවේ ක්ෂේත්‍රයේම ජනප්‍රිය නිළියක්ගෙ...

වීදුරු තිර තිරගත වී ටික කලක් වෙනවා. හැබැයි ලංකාවේ ක්ෂේත්‍රයේම ජනප්‍රිය නිළියක්ගෙ සමාජ මාධ්‍ය හරහා ඇයට මේ හා සමානම දේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියන එක රටටම දකින්න තියෙනවා

0
1046

”වීදුරු තිර” කියන්නෙ මෑත කාලීනව කාගෙත් අවදානය දිනාගත් ටෙලි නිර්මාණයක්.

අසම්මත ප්‍රේමයක් මාතෘකා කරගත් වීදුරු තිර, සමාජයේ සැලකිය යුතු කතාබහක් ඇති කළ නිර්මාණයක් වුණා කිව්වොත් හරි.

ටෙලිය මේ වෙද්දි විකාශනය වී අවසන් නමුත්, ඒ ගැන කතාබහ නම් තවම එහෙමමයි.

සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු මේ සටහනත් ඉන් එකක්….

”වීදුරු තිරවල සතුටුම අවසානය. නමුත් සමහර ජීවිතවලට මේක උදව්වක් විදිහට උපයෝගී කරගන්න බැරිවෙලා තියෙනවා.

වීදුරු තිර තිරගත වී ටික කලක් වෙනවා

හැබැයි ලංකාවේ ක්ෂේත්‍රයේම ජනප්‍රිය නිළියක්ගෙ සමාජ මාධ්‍ය හරහා ඇයට මේ හා සමානම දේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියන එක රටටම දකින්න තියෙනවා.

වීදුරු තිර ටෙලිකාස්ට් වෙද්දී LGBTQ විරෝධි රැල්ලක් විහින් මවාගෙන කට්ටිය නටද්දි අදාල නිර්මාණකරුවන්ම කීවා “නැහැ මෙය ප්‍රවර්ධනය කිරීමක් නෙවෙයි ඉවසීමෙන් බලන්න එතකොට තේරෙයි කියලා”

ඔව් වීදුරු තිර වලින් එදා දුන්නේ සමාජයේ තිත්ත ඇත්ත.

අදටත් බොහෝ තරුණ තරුණියන් අනෙකාගේ ලිංගිකත්වය හමුවේ රැවටෙනවා.

නමුත් වීදුරු තිර හරහා ලස්සන අවසානයක් සමාජගත කරත් සත්‍ය ජීවීතේට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා මෙ වෙද්දී ප්‍රශ්නයක් තියෙනවා නේද.

ඇත්තටම මෙහෙම දෙයක් වුනාම සමාජමාධ්‍ය හරහා අනෙකාගේ Sexual orientation එකට දිගින් දිගටම පහර ගහන එක සාධාරණයි ද ?

තමන්ට අසාධාරණයක් විය නමුත් ලෝකයා නොදන්නා දෙයක් ලෝකෙට පේන්න අනෙකාව විනාශ කරන එක සාධාරණයි ද ?

චේති සුලෝචනට එදා එහෙම කරානම්
අද චේති , සුලෝචන සහා සචිත්‍ර කියන්නේ නයි මුගටි වගේ ජීවත් වෙන මිනිස්සු වෙනවා.

මෙ සියල්ලම විසදගන්න මිනිස්සුන්ට ඉවසීම තිබිය යුතුයි

ඉවසීමක් නොමැති තැන ප්‍රශ්න සමාජයේ කුණු රස රසවිඳින්නන්ගේ සතුටක් වනු ඇත”

උපුටාගැනීම : Sri Lankan Artists ෆේස්බුක් පිටුවෙන්
#ChannelE

Previous article“මට අවශ්‍ය වුණේ මම ලොකු රැවටීමකට ලක්වුණ නිසා, ඒ හැඟීම බෙදාගන්න විතරයි.. මෙතැනින් එහාට මේ ගැන ආයෙ කතා කරන්න කැමැති නෑ..” – ජනප්‍රිය නිළි සංජනාගෙන් මුහුණු පොතට දිගු සටහනක්… – Photos
Next article“පුළුවන් ඉක්මණින් නැඟිටින්න.. ගොඩක් අය බලන් ඉන්නවා” – ජීවිත ගණනකට හුස්ම දුන් වෛද්‍යවරයාට හදිසියේම සිදු වූ දේ – Photos
error: Content is protected !!
Verified by MonsterInsights