ඔෆිස් එකේ පුටුවට උදේ 8ට වාඩි වුනාම, නැගිටින්නේ දවල් කෑමටයි, ආයේ හවස 5ටයි විතරද? ගෙදර ඇවිල්ලත් රෑ වෙනකම් TV එක ඉස්සරහා වාඩි වෙලාද?
අපි හිතන්නේ “වාඩි වෙලා වැඩ කරන එක ඇඟට සැපයි” කියලා. හැබැයි ලෝකයේ නවතම වෛද්‍ය පර්යේෂණ කියන්නේ “Sitting is the new Smoking” (වාඩි වී සිටීම යනු නව දුම්බීමයි) කියලයි.
ඔබ සිගරට් බොන්නේ නැති වුනත්, දවසට පැය 6-8ක් එක දිගට වාඩි වී සිටිනවා නම්, ඔබත් සිගරට් බොන කෙනෙක් තරම්ම හෘද රෝග අවදානමක ඉන්නවා.
ඇයි වාඩි වී සිටීම මෙච්චර භයානක?
1. ලේ ගමන හිරවීම (Blood Stagnation)
අපේ කකුල් වල මස් පිඬු (Calf muscles) කියන්නේ අපේ “දෙවැනි හදවත”. අපි ඇවිදිනකොට මේ මස් පිඬු තද වෙලා, කකුල් වල ලේ ආපහු උඩට (හදවතට) පොම්ප කරනවා. හැබැයි ඔබ පැය ගණන් පුටුවේ ගල් වෙලා ඉන්නකොට, මේ පොම්ප කිරීම නවතිනවා. ලේ ගමනාගමනය 50% කින් විතර අඩාල වෙනවා. මේ නිසා කකුල් වල ලේ කැටි ගැසීමේ (Blood Clots) අවදානම වැඩි වෙනවා.
2. හදවතට දෙන වදේ (Heart Strain)
ලේ ගමන ස්ලෝ (Slow) වුනාම, හදවතට සිද්ධ වෙනවා වැඩිපුර වෙර යොදලා ලේ පොම්ප කරන්න. මේක දිගින් දිගටම වෙනකොට අධි රුධිර පීඩනය (High Pressure) සහ හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්.
3. මේදය දහනය නතර වීම
වාඩි වෙලා ඉන්නකොට ඔබේ ශරීරයේ “ලිපේස්” (Lipase) කියන මේදය දහනය කරන එන්සයිමය නිපදවීම 90% කින් විතර නවතිනවා. ඒ කියන්නේ ඔබ කන කෑම කෙලින්ම බඩේ තෙල් විදියට තැන්පත් වෙනවා.
“මම හවසට ජිම් යනවනේ…” ලොකුම බොරුව ඒකයි. ඔබ දවසම පැය 8ක් වාඩි වෙලා ඉඳලා, හවසට පැයක් ජිම් ගියත්, අර පැය 8දි ශරීරයට වෙච්ච හානිය මකන්න බෑ. සිගරට් පැකට් එකක් බීලා, හවසට ජොගින් ගියාට වැඩක් නෑනේ? මේකත් ඒ වගේමයි.
බේරෙන්න මොකද කරන්නේ?
30-30 නීතිය: හැම විනාඩි 30කට සැරයක්ම පුටුවෙන් නැගිටින්න. විනාඩි 2ක් ඇවිදින්න හෝ හිටගෙන ඉන්න. (ෆෝන් එකේ Alarm එකක් තියාගන්න).
හිටගෙන වැඩ: පුළුවන් නම් ලැප් එක උස තැනක තියාගෙන විනාඩි කිහිපයක් හිටගෙන වැඩ කරන්න.
Phone Calls: කෝල් එකක් ආවම පුටුවේ ඉඳගෙන කතා නොකර, නැගිටලා ඇවිදින ගමන් කතා කරන්න.
ඔෆිස් පුටුවට ඇලවිලා වැඩ කරන යාළුවාගේ “හදවත” බේරගන්න මේක Share කරන්න.
weda Mahatha.











