Home තරු ගොසිප් “සමහර බැඳීම් කොච්චර ලස්සනද, අවන්කද, අමාරුද කියලා තේරුණේ ඒ වෙලාවේ…” වසර ගණනකට...

“සමහර බැඳීම් කොච්චර ලස්සනද, අවන්කද, අමාරුද කියලා තේරුණේ ඒ වෙලාවේ…” වසර ගණනකට ඉහතදී ඇය ගැන දිනේෂ් එක්කළ ඒ ආදරණීය සටහන මොක්කද..?

0
923

 

 

සමහර වෙන්වීම් හදවත පාරවනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් සංවේදී කතාවක්. ඔහු රටක් ආදරය කරන ගායන ශිල්පියෙක්..

දිනේෂ් ගමගේ කියූ සැනින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඔහුව නොහඳුනන කෙනෙක් නැති තරම්.. දිනේෂ්ගේ ආදරණීය මෑණියන් වන වසන්ති ගමගේ මහත්මිය ඊයේ සිය ජීවන ගමනට සමුදුන්නා.

මිය යන විට එම මහත්මිය 64 වන වියේ පසුවුණු අතර, ඇයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරු 3.00 ට ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ..

මේ සංවේදී පුවතත් සමගම ඔහු කලකට ඉහතදී මුහුණුපොතට එක්කළ සටහනක් මෙන්න මේ වගේ දැකගන්න ලැබුණා. ඒ තමන්ගේ ආදරණීය අම්මා ගැනයි.

දරුවෙකුගේ ජීවිතයට සමීපම චරිතය වන ඇයගේ ආදරය වචනයට නගන්න බැරි වුණාට, දිනේෂ්ගේ මේ හැම වචනයක් ඇතුළේම තියෙන්නේ ඇයගෙන් ලැබුණු ඒ අපරිමිත ආදරය නෙවේද කියලා බලන්නකෝ.

“වෙනදා වගේම අදත් එයා කතා කරලා අහුවා කලාද ඉන්නේ කියලා, මන් කිව්වා එලියට යන්න විදිහක් නෑ කන්න යන්න කියලා. එයා කාකා හිටපු කැම එක පැත්තකින් තියලා කියනවා, මන් කන්නේ කොහොමද ඔයා කන්නේ නැතුව පපුව පිච්චෙනවා කෑම ගිලෙන් නැල්ලු ,
මන් කන්නම් කන්නම් කියලා shape එකේ phone එක cut කරා.
එක නෙවෙයි ඇත්තටම කියන්න ඔන වුනේ,
සමහර බැඳිම් කොච්චර ලස්සනද, අවන්කද, අමාරුද කියලා තෙරුනේ ඒ වෙලාවේ.
අම්මා”

Previous articleඔබේ හිසකෙස්වල ගුණාත්මක බව වැඩි කර හිසකෙස් ආරක්ෂා කිරීමට දුඹුරු සීනිවලින් කදිම සත්කාරයක්
Next article“හැප්පුනාට පස්සේ එක යාළුවෙක්වත් හිටියෙ නෑ බේතකට හොයාගන්න” – බණ ගෙදර යනවා කී පුතා පෙට්ටියකින් ආ හැටි.. අම්මාගේ හීන බොඳ කළ මීටර් 200ක මාරක සෙල්ලම ගැන ඇහෙන හද සසළ කරවන කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights