Home තරු ගොසිප් ලංකාවේ සිනමාවට වයස 100 වෙන්න යද්දී, ඇයට ලැබුණු අදහාගත නොහැකි උපහාරය.

ලංකාවේ සිනමාවට වයස 100 වෙන්න යද්දී, ඇයට ලැබුණු අදහාගත නොහැකි උපහාරය.

0
260

 

 

ශ්‍රී ලංකාවේ සිනමාවට දැන් වයස අවුරුදු 79ක්. ඒ විතරක් නෙවෙයි අපේ චිත්‍රපට සංස්ථාවටත් අවුරුදු 54ක් සපිරෙනවා.

මේ වෙනුවෙන් සංවිධානය කරපු අති උත්කර්ෂවත් ජාතික උත්සවය ඊයේ (21) රාත්‍රියේ පැවැත්වුණා. කවුරුත් ආදරය කරන අපේ සිනමාවේ අම්මා, අයිරාංගනී සේරසිංහ මහත්මියට සහ ශ්‍රියානි අමරසේන මහත්මියට මෙහිදී හිමි වුණේ සුවිශේෂී ඇගයීමක්.

සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් වුණු අයිරාංගනී සේරසිංහ මහත්මියට කළ උපහාරයක් විදියට, ඇයගේ රුව සහිත විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් මෙහිදී එළිදැක්වුණා. “1925 – 2025 ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” කියන තේමාව යටතේ තමයි මේ ගෞරවය ඇයට පිරිනැමුණේ.

සිනමාව වෙනුවෙන් කළ සේවයට ගෞරවයක් විදියට ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මියටත් මෙහිදී “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” කියන විශේෂ සම්මානය පිරිනැමුණා. ඇයගේ රංගන දිවියට ලැබුණු මේ ඇගයීම ගැන ක්ෂේත්‍රයේ හැමෝම සුබ පතනවා.

1925 නිහඬ සිනමා යුගයේ ඉඳන් 1947 පළමු කථානාද චිත්‍රපටය වුණු “කඩවුණු පොරොන්දුව” හරහා ආපු මේ ගමන දැන් ශත සංවත්සරයකට එළඹිලා තියෙනවා. 2025 වසරේදී ශ්‍රී ලංකාවේ සිනමාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් මේ උත්සවය අභිමානයෙන් පවත්වන්නට කටයුතු යොදා තිබුණා.

ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ උත්සවයට කලාකරුවන් රැසක් සහභාගී වෙලා හිටියා. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් ද පවත්වනු ලැබුවා.

Previous article“හැප්පුනාට පස්සේ එක යාළුවෙක්වත් හිටියෙ නෑ බේතකට හොයාගන්න” – බණ ගෙදර යනවා කී පුතා පෙට්ටියකින් ආ හැටි.. අම්මාගේ හීන බොඳ කළ මීටර් 200ක මාරක සෙල්ලම ගැන ඇහෙන හද සසළ කරවන කතාව..
Next article“මම නැති දවසක තව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක වචනයෙන් කියන්න බැරි හැඟීමක්..” නතාෂා පෙරේරා ගත්තු හිතාගන්න බැරි තීරණය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights