Home තරු ගොසිප් “මම නැති දවසක තව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක වචනයෙන් කියන්න බැරි...

“මම නැති දවසක තව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක වචනයෙන් කියන්න බැරි හැඟීමක්..” නතාෂා පෙරේරා ගත්තු හිතාගන්න බැරි තීරණය මෙන්න.

0
399

 

 

ජනප්‍රිය ගායන ශිල්පිනී නතාෂා පෙරේරා කියන්නේ ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගත්ත චරිතයක්.

ඇය කරන කියන හැමදේ ගැනම රසිකයෝ හරිම උනන්දුවෙන් ඉන්නේ. අද ඉතින් ඇයට විශේෂ දවසක්. ඒ ඇයි කියනවා නම් අද ඇයගේ උපන් දිනය. ඉතින් අද මේ විශේෂ දවසේ ඇය තවත් හරි ලස්සන වැඩක් කරලා තිබුණා. ඒ ගැන ඇය ඇගේ මුහුණු පොතට ඉතාමත් සංවේදී වගේම ආදර්ශමත් සටහනක් එක්කරලා තිබුණා.

නතාෂා පවසන විදිහට, ඇයගේ ජීවිතයේ තිබුණු ලොකුම ආසාවක් අද ඉටු කරගෙන තියෙනවා. ඒ තමයි ඇය මියගිය දවසක ඇයගේ ඇස් ඇතුළුව ශරීරයේ සියලුම කොටස් දන්දීමට කොළඹ අක්ෂිදාන සංගමය වෙත ගොස් සහතික වීම.

තමන්ගේ මේ උතුම් තීරණය ගැන නතාෂා හරිම ලස්සන සටහනක් දාලා තිබුණා…

” ජීවිතේ සමරපු හොඳම Birthday එක.. කාලයක් තිස්සේ තිබ්බ ලොකුම ආසාවක් ඉටු උන දවසක් අද.. උදෙන්ම කොළඹ අක්ශිදාන සංගමයට ගිහින් මගේ ඇස් ඇතුළුව ශරීරයේ සියලු කොටස් දන්දෙන බවට සහතික උනා.. මම මේ ජීවිතෙන් සමුගත්ත දවසට තව එක ජීවිතයක් හරි ජීවත් කරවන්න ලැබෙන එක වචනෙන් කියන්න බැරි හැඟීමක්. සතුට කියන දේ විවිධ දේවල් වලින් ලඟා කරගන්න පුළුවන් උනාට, සැනසීම ලඟා කරගන්න පුළුවන් අවබෝධයෙන් පමණයි. මේ සහතිකය සිරුර දන්දුන්න බවට ලැබුනු පොරොන්දු පත්‍රයක් උනාට ඇත්තටම, මේක තමයි මගේ ජීවිතයට ලැබුණු වටිනාම සැනසීම… ”

Previous articleලංකාවේ සිනමාවට වයස 100 වෙන්න යද්දී, ඇයට ලැබුණු අදහාගත නොහැකි උපහාරය.
Next articleමානසික ආතතියට සහනය දෙන කෑම ගැන ඔබ දන්නවාද?
error: Content is protected !!
Verified by MonsterInsights