Home සයුරෙන් එහා පුවත් අමුතු අමුතු විලාසිතා මවන ලොවක් කැලඹූ සරාගී තරුව ගැන ඇසෙන මේ කතාව...

අමුතු අමුතු විලාසිතා මවන ලොවක් කැලඹූ සරාගී තරුව ගැන ඇසෙන මේ කතාව ඇහුවොත් ඔබත් පුදුම වේවී…

0
1369

මේ ඉන්නෙ බොලිවුඩ්වල විතරක් නෙවෙයි මුළු ඉන්දියාවෙම වැඩියෙන්ම විවේචනයට ලක්වෙන, ඒ වගේම වැඩියෙන්ම කතාබහට ලක්වෙන සුපිරි තරුවක්. ඇය නමින් උර්ෆි ජාවෙඩ්.උර්ෆි රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.

නිතරම සරාගී බව පෙන්වන අමුතු ඇඳුම් ඇඳලා ගොසිප් මවන එක උර්ෆිගෙ පුරුද්දක් වෙලා.

පසුගිය දවසක උර්ෆි තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් දාලා තිබුණා.ඒ වීඩියෝව බලල ගොඩක් දෙනෙක් පුදුම උනා.ඒ ඇය මුළු ඇඟම වැහෙන්න බ්ලේඩ් (Blades) අල්ලපු ගවුමක් ඇඳල හිටපු නිසා. මේ ඇඳුම නිර්මාණය කරන්න උර්ෆිත් පෞද්ගලිකවම දායක වෙලා තියෙනව කියල තමා ආරංචිය.උර්ෆි මේ වීඩියෝව දාලා තමන්ගෙ රසිකයින්ගෙන් අහනව කාටද මාව වැළඳගන්න ඕනේ කියලා.

සාමාන්‍යයෙන් උර්ෆි මේ වගේ ඇඳුම් ඇඳලා උත්සවල වලට එහෙම යනව.ඒ කාගෙන් අවධානය දිනා ගන්න.

උර්ෆිට හැමෝම බනිනවා වුණත්, ඇයගේ මේ අමුතු විලාසිතා නිසාම ඉන්දියාව තුල ඇය විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. ඒක කොච්චරද කියනවා නම් 2025 වසරේ GQ සඟරාව මගින් නම් කළ වඩාත්ම බලගතු තරුණ ඉන්දියානුවන් 35 දෙනාගේ ලැයිස්තුවටත් උර්ෆිගේ නම ඇතුළත් කරල තිබුන.

සමාජ මාධ්‍ය හරහා ඇයට නිතරම දෝෂාරෝපණ එල්ල වුණත්, ඇය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප වුණත් තමන් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව තමන්ගේ ගමන යනවා කියලා ඇය මාධ්‍යට කියල තියනව.

Previous articleනවීන තාක්ෂණාය් දියුණුවත් සමගම අපගෙන් අත හැරුණු කුණු අතුල්ලන ගලෙහි ඇති සැඟවුන විශ්මිත බලය..
Next articleරත්තරන් බඩු ගන්න ඉන්න අයට වාසනාව පෑදෙයි.. රන් මිලේ හදිසි කඩාවැටීමක්.. වෙච්ච දේ මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights