Home තරු ගොසිප් ”පෞද්ගලික ජීවිතය අප්‍රසිද්ධියේ තියාගන්න මම කැමතියි. ඒ නිසා මම ප්‍රිහාන් එක්ක ඉන්න...

”පෞද්ගලික ජීවිතය අප්‍රසිද්ධියේ තියාගන්න මම කැමතියි. ඒ නිසා මම ප්‍රිහාන් එක්ක ඉන්න ඡායාරූප වැඩිය ප්‍රසිද්ධ කරන්නෙ නෑ…” – නතාෂා පෙරේරා

0
1136

 

ජනප්‍රිය චරිත ඉලක්ක කරගෙන හැදෙන පදනම් විරහිත කතා, එහෙමත් නැත්නම් ‘මඩ ප්‍රහාර’ සුලබව දක්නට ලැබෙනවා.

බොහොම කුඩා කාලයෙන් කලාවට අවතීර්ණ වන චරිතවලට පවා ඒ අත්දැකීමට මුහුණපාන්න වන අවස්ථා බොහෝයි.

තමන්ට ද එයාකාර විවිධ වූ මඩ ප්‍රහාරයන්ට මුහුණ දෙන්න වුණු විත්තිය, නතාෂා පෙරේරා පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවකදී කියලා තිබුණා.

නතාෂා කියන්නෙ ළමා ගායිකාවක්, ළමා නිළියක් හැටියට කලාවට පිවිසෙන තාරකාවක්.

පසුකාලීනව ඇය නිතර නිතර නිර්මාණ නොකළත්, නතාෂා පෙරේරා කියන නම ලේසියෙන් කාටවත් අමතක වන එකක් නම් නෙවෙයි.

එහෙම නම හදාගෙන ඇය ආව ගමන සරල එකක් නෙවෙයි…

”වයස අවුරුදු 12දි ගායන ක්ෂේත්‍රයට ඇවිත් දිගටම ඉදිරියට යනකොට හොඳ ප්‍රතිචාර සහ මාව කඩාවට්ටන නරක ප්‍රතිචාර ලැබුණා. විවිධ අයගෙ ඊර්ෂ්‍යාකාරකම්, මඩගැහීම්වලට මම මුහුණ දුන්නා.

ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි ඒ දේවල්වලින් හිත රිදුණත් මම මගේ හැකියාව විශ්වාස කළා.

මම නිතරම හිතුවෙ අනිත් අය මොනවා කිව්වත් මම මගේ ගමන දිගටම යනවා කියලා.

ආත්ම විශ්වාසය ඇතුව යන ගමනෙදි අනිත් අයගේ ඊර්ෂ්‍යාකාරකම්, මඩගැහීම් මට සාමාන්‍යය දෙයක් විදියට දැණුනෙ.

සමහරු මගේ පෞද්ගලික ජීවිතය අල්ලලා මඩ ගහපු අවස්ථා පවා තිබුණා. මගේ විවාහය, අඳින පළඳින විදිහ සම්බන්ධව මඩ ප්‍රහාර මට එල්ල කළා.

මට එල්ල වුන විවේචන ,මඩ ප්‍රහාර දරාගෙන උපේක්ෂාවෙන් ඉදිරියට ගියා මිසක කාටවත් චෝදනා කළේවත් මානසිකව කඩාවැටුණේවත් නෑ…”

නතාෂා කියන්නෙ සිය පෞද්ගලික ජීවිතය අනවශ්‍ය විදියට ප්‍රසිද්ධ නොකරන චරිතයක් වීමත් විශේෂයි….

”පෞද්ගලික ජීවිතය සමාජය ඉස්සරහ ප්‍රදර්ශනය කරන්නෙ නැතුව අප්‍රසිද්ධියේ තියාගන්න මම කැමතියි. ඉතින් ඒ නිසා මම ප්‍රිහාන් එක්ක ඉන්න ඡායාරූප වැඩිය ප්‍රසිද්ධ කරන්නෙ නෑ…”

උපුටාගැනීම : පිනිපලස | ලක්ෂාන් ජයසූරිය

Previous articleඔබේ නිවසේ සුරතලා හීනෙකින්වත් ඔබව මාරයා ළඟට අරන් යයි කියලා හිතුවද? ලංකාවම හෙල්ලූ සෞඛ්‍ය අංශයේ බියකරු අනාවරණය මෙන්න!
Next article“ඕනෑම කෙනෙකුට විඳින්න පුළුවන් රූප රචනාවක් කරන්න ඕනෑවෙලා තිබුණා.. මට ඕනෑ දේ මම කළා…” කවුරුත් කතා වෙන ඒ වැඩේ ගැන යුරේනි කියූ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights