Home ජීවිතයට යමක් ඔයාගේ මහත්තයා හැමතිස්සෙම Busy නිසා ඔයාටත් හිතෙනවාද එයාට දැන් ඔයාව වැඩක් නෑ...

ඔයාගේ මහත්තයා හැමතිස්සෙම Busy නිසා ඔයාටත් හිතෙනවාද එයාට දැන් ඔයාව වැඩක් නෑ කියලා.

0
362

💔 ඔයාගේ මහත්තයා හැමතිස්සෙම Busy නිසා ඔයාටත් හිතෙනවාද එයාට දැන් ඔයාව වැඩක් නෑ කියලා.

“එයා කියනවා එයාට වැඩ තියෙනවා කියලා.
ඒත් ඇයි එයාට හැම දෙයක් වෙනුවෙන්ම වෙලාව තියෙනවා. ඒත් මම වෙනුවෙන් වෙලාවක් නෑ”

මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි.
මේක තමයි හිත ඇතුළේ වෙන මනෝවිද්‍යාත්මක වෙනස ආරම්භ වෙන මොහොත.

මුලදී, ඔයා එයා ගැන මේ විධියට තේරුම් ගන්නවා.
“හරි… එයාට වැඩ තියෙනවා ඇති. එයා මහන්සි වෙලා ඉන්නවා ඇත්තේ.” කියලා හිතනවා.

නමුත් කාලය ගත වෙද්දී, ඔයා හිතන්න පටන් ගන්නවා.

“එයාට යාළුවොත් එක්ක හිනා වෙන්න කතා කරන්න වෙලාව තියෙනවා…”
“එයාට phone එක scroll කරන්න වෙලාව තියෙනවා…”
“එයාට rest කරන්න වෙලාව තියෙනවා…”

ඒත් “මාව අහගෙන ඉන්න, මම ගැන දැනගන්න, මම ගැන හොයලා බලන්න. ඒකට වෙලාවක් නෑ.”

මෙතනින් පස්සේ, වේදනාව දැනෙන විධිය වෙනස් වෙනවා.

ඔයාට තරහක් නෙවෙයි එන්නේ.
ඔයාට දැනෙන්නේ. ඔයාගේ වැදගත්කමක් නැති වුණා වගේ.

ඔයා හිතන්න පටන් ගන්නවා…

“මම boring ද දන්නේ නෑ?”
“මම දැන් එයාට special නැද්ද දන්නේ නෑ?”
“එයාට මාව තවදුරටත් අවශ්‍ය නැද්ද දන්නේ නෑ?”

මේකට තමයි emotional absence කියන්නේ.

එයා physically ඉන්නවා.ඒත් emotionally එයා ඉන්නේ දුරින්.

මේ silence එක, මේ distance එක හිත ඇතුළේ self-doubt, insecurity සහ සැකය නිසා හැදෙන්න පටන් ගන්නවා.

ඔයා overthink කරනවා.
ඔයා ප්‍රශ්න කරනවා.
ඔයා හෙමිහිට ඔයාගෙ වටිනාකම ගැනම සැක කරන්න පටන් ගන්නවා.

ඇත්තටම, ඔයාට ඕනේ වෙන්නේ එයාගෙ සම්පූර්ණ කාලය නෙවෙයි.

ඔයාට ඕනේ වෙන්නේ එයාගෙ presence එක.

මිනිත්තු 10කට හරි true attention එක තමා අවශ්‍යය වෙන්නේ.

ආදරේ ඇත්තටම විනාශ වෙන්නෙ හේතුව busy වෙන එක නිසා නෙවෙයි.

ආදරේ විනාශ වෙන්නේ එයාට හැම දෙයකටම energy එක තියෙනවා.ඒත් ඔයා වෙනුවෙන් energy නෑ කියලා ඔයාට දැනෙන මොහොත. 💔

බිරිඳට තමන් වැදගත් නැති වුණා වගේ දැනුණාම,ඇයගෙ හිතට වටිනාකමක් දුන්නාට පස්සේ “එයා මාව නොසලකා හරිනවා” කියලා හිතෙන්නේ නෑ.

ඒ වෙනුවට, එයා relationship එක ආරක්ෂා කරන්න උත්සාහ කරනවා.“එයා busy ඇති එයාට stress ඇති…” කියලා තමාම කරනවා.

ඒත් emotional absence එක දිගටම තිබ්බොත්,මොළය උත්තර හොයන්න පටන් ගන්නවා.

එතකොට හිතට එන වේදනාකාරී සිතුවිල්ල තමා

“එයා දැන් වෙන කෙනෙක්ට Time එක දෙනවා ඇති…”

මේක සැකයක් නෙවෙයිමේක සරලවම attention එක නැති වුණාම, ආදරේ කරපු හිතක් ඇයි මට එහෙම කරන්නේ කියන එකට උත්තර හොයද්දි තමා මේ pain එක දැනෙන්නේ. 💔

🧠 1. Emotional Absence Creates Psychological Uncertainty (Attachment Theory)

Mikulincer & Shaver (2016) attachment research එක අනුව,emotional security එක හැදෙන්නේ consistent emotional responsiveness එකෙන්.

ඒ කියන්නේ;
ඔයා call කරද්දී ප්‍රතිචාර දක්වනවා,
ඔයා feeling share කරද්දී සවන් දෙනවා,
ඔයා emotionally reach වෙද්දී present වෙනවා.

ඒත් මේ responsiveness එක නැති වුණාම,
nervous system එක “attachment threat” state එකකට යනවා.

එතකොට මොළය survival mode එකකට enter වෙනවා.ඒකෙන් මේ ප්‍රශ්න නිරායාසයෙන්ම එනවා.

“ඇයි එයා මේ තරම් චිත්තවේගීය දුරස්ථ වෙළා ඉන්නේ?”
“ඇයි එයාට දැන් මාව පේන්නේ නැත්තේ?”
“ඇයි එයාගෙ mind එක වෙන තැනක වගේ දැනෙන්නේ?”

මේ අවිනිශ්චිතතාවය නිසා අධික සැකයක් තියෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා.

ඒ කියන්නේ මොළය හැමතිස්සෙම හොයනවා.දුරස්ථභාවයට හේතුවක් හොයාගන්න.වෙනස් වීම පැහැදිලි කරගන්න තමා මේ විධියට කරන්නෙ.

සැකය නිසා paranoia තත්ත්වයක් නිර්මාණය වෙන්නෙ නෑ.සැකය නිසා හැදෙන්නේ emotional inconsistency එකක්.

Consistency වෙන කොට චිත්තවේගීය ආරක්ෂිතභාවය දැනෙනවා.Inconsistency නිසා බය ඇතිවෙනවා. 💔

⚠️ 2. The Brain Seeks Logical Explanations for Emotional Pain

මිනිස් මොළය නිර්මාණය වෙළා තියෙන්නේ, emotional change එකක් වුණාම ඒකට තේරුමක් හොයන්න ඕන වෙනවා.

ඒ නිසා, කලින් තිබ්බ චිත්තවේගීය උණුසුම අතුරුදහන් වුණාම, බිරිඳගේ මොළය ඒ emotional contradiction එක නිරාකරණය කරගන්න කරන්න උත්සාහ කරනවා;

“එයා කලින් මට ආදරේ කළා.
නමුත් දැන් එයා ඒක පෙන්නන්නේ නෑ.
එහෙනම්… කවුරුහරි දෙයක් වෙනස් වෙළා තියෙන්න ඕනේ.”

Psychology වල, මේ process එකට කියන්නේ cognitive meaning-making කියලා.

Relationship psychology research වලින් පෙන්නනවා, emotional availability එක හදිසියෙම අඩු වුණාම, partnersලා ගොඩාක් වෙලාවට explanations තුනක් අනුමාන කරනවා;

🔹එයා දැන් මට ආදරේ නෑ.

🔹මම දැන් එයාට වැදගත් නෑ.

🔹එයා emotionally වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙළා ඇති.

මේ irrational thinking නෙවෙයි.

මේ සරලවම emotional predictability එක නැති වුණාම, මොළය emotional stability සහ safety එක නැවත restore කරන්න තේරුමක් හොයන natural psychological process එක. 💔

 

🧬 3. Emotional Withdrawal Activates Fear of Replacement (Evolutionary Psychology Insight)

මනුෂ්‍ය බැඳීම් පද්ධතිය පරිණාමය වෙළා තියෙන්නේ, relationship stability එක ආරක්ෂා කරගන්න.

University of Texas හි Dr. David Buss කරපු research අනුව,සහකරුවෙක් emotionally withdraw වුණාම,fear of abandonment (අත් හැරලා දානවා කියන බය) සහ
replacement fear (වෙන කෙනෙක් replace කරයි කියන බය) automatically activate වෙනවා.
විශේෂයෙන්ම චිත්තවේගීයව සම්බන්ධ සහකරුවෝ තුළ දකින්න ලැබෙනවා.

husband emotionally unavailable වුණාම,
wifeගේ nervous system එකට ඒක emotional security loss එකක් වගේ detect වෙනවා.

එතකොට automatically මේ වගේ thoughts නිර්මාණය වෙනවා;

“ඇයි එයා දැන් මට ආදරෙ අඩු?”
“ඇයි එයා දැන් මාත් එක්ක තමන්ගේ දේවල් share කරගන්නෙ නැත්තේ?”
“ඇයි එයා මගෙන් නැතුව වෙන කෙනෙක්ගෙන් emotionally satisfied වගේ දැනෙන්නේ?”

ඔයාගේ මොළය ඔහුව වැරදිකරුවෙක් කරන්න උත්සාහ කරනවා නෙවෙයි.ඔයාගේ මොළය සරලවම උත්සාහ කරන්නේ;

“කොහොමද කලින් තිබ්බ emotional safety එක අතුරුදහන් වුණේ?”කියන එක තේරුම් ගන්න විතරයි ඕන. 💔

💬 4. Emotional Neglect Makes Her Feel Unimportant—and Replaceable

emotional importance කියන එක, වචන වලින් විතරක් නෙවෙයි.ඒක සන්නිවේදනය වෙන්නේ මේ වගේ හැසිරීම් හරහා;

Attention – ඔයා කතා කරනකොට ඔයාව ඇත්තටම අහගෙන ඉන්න එක

Responsiveness – ඔයා emotionally reach වෙද්දී ප්‍රතිචාර දක්වන එක

Emotional presence – physically ඉන්නවා විතරක් නෙවෙයි, emotionally present වෙලා ඉන්න එක

Attunement – ඔයාගේ feelings තේරුම් අරගෙන, ඒකට emotionally connect වෙළා ඉන්න එක

මේ දේවල් හෙමිහිට අඩු වෙලා අතුරුදහන් වුණාම,ඔයාගේ nervous system එකට ඒක දැනෙන්නේ.

“මගේ emotional value එක දැන් අඩු වෙළා” වගේ.

Gottman Institute එකේ research වලින් පෙන්නනවා,partner කෙනෙක් නැවැත නැවතත් emotional bids ignore කළාම,partner සම්බන්ධතාවය බලාපොරොත්තු වෙන එක නවත්තලා,emotionally withdraw වෙන්නත් සැක කරන්නත් පටන් ගන්නවා.

ඒ conflict ඇති කරගන්න ඕන නිසා නෙවෙයි.

ඒ සරලවම ,emotional neglect කරන කොට psychological insecurity එකක් නිර්මාණය වෙන නිසා.

එතකොට ඇයගේ හිත ඇතුළේ මේ වගේ feelings හෙමිහිට develop වෙනවා;

“මාව දැන් කලින් වගේ වටින්නේ නෑනෙ…”
“මම ගැන දැන් කලින් වගේ ආසාවක් නෑ වගේ…”
“මම දැන් එයාගේ ජීවිතයට ඒ තරම් වැදගත් කෙනෙක් නෙවෙයි වගේ…”

ඒවගේම,emotional relevance එක අතුරුදහන් වුණාම,ඒ empty space එක නිරායාසයෙන්ම සැකයෙන් පිරෙනවා.

ඇත්තටම emotional connection එක නැති වුණාම,මොළය උත්තර හොයන්න පටන් ගන්නවා.‘ඇයි මේ වෙනස?’ කියලා. 💔

⚠️ 5. Suspicion Is Often a Symptom of Emotional Disconnection, Not Proof of Infidelity

සැකසහිත සිතුවිලි (suspicious thoughts) ඇතිවෙනවා කියන්නේ,හැමවෙලාවෙම අවිශ්වාසය හෝ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් (infidelity) ඇතිවෙලා තියෙනවා කියන එක නෙවෙයි.

ගොඩාක් වෙලාවට, ඒ සිතුවිලි ඇතිවෙන්නේ
emotional safety එකට හානි වෙලා තියෙන එක නිසා.

nervous system එක අවිනිශ්චිතතාවයට කැමති නෑමොකද අවිනිශ්චිතතාවය නිසා, nervous system එකට අනාරක්ෂිතභාවයක් දැනෙනවා.

ඒ නිසා, nervous system එකට,සමහර වෙලාවට අවිනිශ්චිතතාවය එක්ක එකට ඉන්නවාට වඩා,වේදනාකාරී explanation එකක් හොයාගන්න එක ඊටවඩා ආරක්ෂිතයි දැනෙනවා.

මොකද explanation එකක් තිබ්බොත්,
මොළයට situation එක තේරුම් ගන්න සහ පාලනය කරනවා වගේ දැනෙන්න පුළුවන්.

Emotional absence එක නිසා මනෝවිද්‍යාත්මකව empty space එකක් නිර්මාණය වෙනවා.

ඒ empty emotional space එක, මොළය හිස් වෙළා තියන්න ඉඩ දෙන්නේ නෑ.

ඒ වෙනුවට, මොළය ඒ empty space එක
protective assumptions වලින් පුරවනවා.

ඒ assumptions වලින් ඇතිවෙන්නේ චෝදනා කිරීමක් නෙවෙයි,ඇත්තටම කිව්වොත් සරලවම තමන්ව emotionally protect කරන්න,
situation එකට meaning එකක් හොයන natural psychological survival response එකක් තමා ඇතිවෙන්නේ. 💔

✅ 3 Proven Strategies That Restore Emotional Importance and Reduce Suspicion

1️⃣ Consistent Emotional Responsiveness

දවසකට මිනිත්තු කිහිපයක honest emotional attention එකක් වුණත්,nervous system එකට signal එකක් දෙනවා. “අපේ බැඳීම safe” කියලා.

Intensity එකට වඩා අවශ්‍යය consistency එකයි.එතකොට තම ආදරේ ඇතුළෙදි ආරක්ෂිතභාවයක් දැනෙන්නේ. 💛

2️⃣ Emotional Transparency and Reassurance

විවෘත චිත්තවේගීය සන්නිවේදනයක් තියෙනකොට, අවිනිශ්චිතතාවය අඩු වෙනවා.
relationship එක ආයෙමත් predictable සහ ආරක්ෂිතයි කියලා දැනෙන්න පටන් ගන්නවා.

Emotional signals clear වෙලා open වුණාම, nervous system එක relax වෙනවා.
මොකද, එතකොට මොළයට again “අපේ bond එක safe” කියන assurance එක ලැබෙනවා.

3️⃣ Daily Emotional Presence Ritual (10–15 Minutes)

කිසිම distraction එකක් නැතුව, full emotional presence එක්ක ඉන්න කොට,වචන වලින් explanations දෙන එකට වඩා, emotional safety ඉක්මනින් නැවත rebuild කරගන්න පහසු වෙනවා.

ඇත්තටම කිව්වොත් සමහර ප්‍රශ්න වලට වචන වලින් පිළිතුරු දෙන්න බැරි වෙද්දී,presence එකම තමා ඒ ප්‍රශ්න වලට විසඳුම වෙන්නෙත්.

🌱 සැකය එන්නේ ඕනෑවට වඩා දේවල් හිතන නිසා නෙවෙයි.සැකය එන්නේ දෙන්නා අතර තියෙන emotional distance එක නිසා මිස වෙන දෙයක් නිසා නෙවෙයි.

කලින් දුන්න චිත්තවේගීය ආරක්ෂිතභාවය නැතිවුණ නිසා තමා මේ විධියට සැකයක් එන්නේ.

Emotional presence එක ආයෙමත් ලැබුණාම
සැකය අඩු වෙනවා,හිත ආරක්ෂිත වෙනවා,
ආදරේ නැවත සුවපත් වෙනවා. 💛

ඔෂාන් බමුණු ආරච්චි
Higher Diploma in Counseling Psychology

Previous articleදුවේ, ඉගෙනගන්නට ඇල්මක් තියෙනවා නම් කොතරම් වයසට ගියත් අධ්‍යාපනය අතහැර ගන්නට එපා” ඔබ එදා මට දුන් ඔවදන මුහුදු හතකින් එහාට ගියත් මා අමතක කළේ නෑ
Next articleකළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights