Home තරු ගොසිප් හර්දික් පාණ්ඩ්‍යාගෙන් හිටපු බිරිඳට සහ පුතුට සුපිරි තෑග්ගක්…

හර්දික් පාණ්ඩ්‍යාගෙන් හිටපු බිරිඳට සහ පුතුට සුපිරි තෑග්ගක්…

0
219

 

 

ඔහුගේ නම අද වන විට සුපතල වන්නේ ඉන්දියාවේ පමණක්ම නොවෙයි.

ලොවක් හඳුනන මේ ක්‍රිකට් ක්‍රීඩකයා කරලා තියන දේ ඇසුවොත් ඇත්තටම ඔබත් විශ්මයට පත්වේවි.

ඔන්න ඒ නිසාමද කොහෙද ඔහු කළ මේ ක්‍රියාව අද ලොව පුරාම කතා මවන සිද්ධියක් වෙලා.

ඉන්දීය ක්‍රිකට් තරුවක් වන හර්දික් පාණ්ඩ්‍යා සහ ඔහුගේ හිටපු බිරිඳ වන නටාෂා ස්ටැන්කොවිච් 2024 වසරේ ජූලි මාසයේදී නිල වශයෙන් වෙන් වුවද, තම පුත්‍රයා වන අගස්ත්‍ය වෙනුවෙන් ඔවුන් පවත්වාගෙන යන සුහදශීලී සම්බන්ධතාවය මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. මේ අන්න ඒ ගැන සනාථවන තවත් එක් පුවතක්.

මෑතකදී හර්දික් පාණ්ඩ්‍යා විසින් සිය හිටපු බිරිඳ සහ පුතු වෙනුවෙන් රුපියල් කෝටි 4ක් පමණ වටිනා Land Rover Defender වර්ගයේ සුඛෝපභෝගී රථයක් තෑගි කර ඇති බව වාර්තා වෙනවා.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ඡායාරූපවල නටාෂා සහ අගස්ත්‍ය මෙම නවතම කළු පැහැති සුපිරි රථය අසල සිටිනු දක්නට ලැබෙනවා. වාර්තාවලට අනුව මෙම රථයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3 සිට 4 දක්වා පරාසයක පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

වාහන අලෙවි නියෝජිත ආයතනය විසින් බෙදාගත් සටහනක මෙසේ සඳහනකට අනුව දැක්වෙන්නේ මෙන්න මෙවැන්නක්..

“හර්දික් පාණ්ඩ්‍යා මහතා නැවත වරක් සිය Defender රථය මිලදී ගැනීමට අපව තෝරාගෙන තිබේ. මෙය විශ්වාසය මත ගොඩනැඟුණු සබඳතාවයකි. මෙම රථය අගස්ත්‍ය පාණ්ඩ්‍යා සහ නටාෂා ස්ටැන්කොවිච් වෙත මුම්බායිහිදී භාර දෙන ලදී.”

වෙන්වීමෙන් පසුව වුවද තම දරුවා වෙනුවෙන් හර්දික් සහ නටාෂා කටයුතු කරන ආකාරය රසිකයන්ගේ ඉහළ ඇගයීමට ලක්ව තිබෙනවා. මෙම දැවැන්ත තෑග්ග, වෙන්වීමෙන් පසුව වුවද පවුල කෙරෙහි හර්දික් තුළ ඇති වගකීම සහ ආදරය සංකේතවත් කරන බව බොහෝ දෙනා පවසනවා.

Previous article“මතක් වෙද්දිත් පපුවත් එක්ක රිදෙනවා.. ඒත් උබ මේ මොකුත්ම දන්නෙ නැ..” මතකය පමණක් ඉතුරු කරමින් සමුගෙන ගිය මධාරා ගැන සබරගමු සරසවි සිසුන් මුහුණුපොතට සංවේදී සටහනක් එක්කරයි..
Next articleපාසල් ප්‍රේමය ජයගත් ඔවුන් විවාහ වී මාස තුනයි.. දඹුල්ල – යාපාගම ගම්මානයම කම්පාවට පත්කළ ඛේදවාචකයක් ගැන ඇසෙන දුක්බර කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights