Home සයුරෙන් එහා පුවත් ඇය නැතිව මගේ කිසිම දෙයක් සම්පූර්ණ නෑ…” විවාහයෙන් පසු විජේ රශ්මිකා වෙනුවෙන්...

ඇය නැතිව මගේ කිසිම දෙයක් සම්පූර්ණ නෑ…” විවාහයෙන් පසු විජේ රශ්මිකා වෙනුවෙන් ලියූ ආදරණීයම සටහන..

0
277
ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය යුවළක් වන විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා අද යුග දිවියට පිවිසුනා.

ඔන්න ඉතින් මේ ලොවක් බලා සිටි මේ දෙන්නගේ විවාව උත්සවයේ ලස්සන පින්තුර ටිකක් අපිට දකින්න පුළුවන් වුණා… විශේෂම කාරණය තමයි විජේ දේවරකොන්ඩා මේ පින්තුර ටික සිය මුහුණු පොත හරහා පල කරන ගමන් ලස්සන සටහනක්ද එකතු කරලා තිබුණා…

“එක දවසක්, මට ඇයව ගොඩක් මතක් වුණා. ඒ මතකය කෙතරම් තදින් දැනුණාද කිවහොත්, ඇය මා අසල සිටියා නම් මගේ දවස මීට වඩා බොහෝ සෙයින් යහපත් වනු ඇතැයි මට සිතුණා.

ඇය මගේ ඉදිරියෙන් වාඩි වී සිටියා නම්, මා ගන්නා ආහාර වේල පවා මීට වඩා සම්පූර්ණ බවක් (ගුණාත්මක බවක්) මට දැනෙනු ඇත.ඇය මා සමඟ සිටියා නම්, මගේ ව්‍යායාම කටයුතු පවා වෙහෙසකර දඬුවමක් නොව වඩාත් විනෝදජනක දෙයක් වනු ඇත.

මට ඇයව කෙතරම් අවශ්‍ය වුණාද කිවහොත්, මා කොතැනක සිටියත් මට ‘නිවසක’ සුවපහසුව සහ සන්සුන් බව දැනෙන්නට ඇය මා අසල සිටිය යුතුම බව මට වැටහුණා.”

ඔන්න ඉතින් ඒ දෙන්නගේ ඒ ලස්සන පින්තුර ටික

Previous articleනිවාඩුව ඉවර වෙන්නත් කලින් ජීවිතයෙන් නිවාඩු ගත්තු රණවිරු පුතා..
Next articleසැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා මට කියලා දුන්න මනුස්සයා ඔහුයි..” තම හොඳම මිතුරාට ප්‍රථම වතාවට “සැමියා” යැයි ඇමතූ ආදරණීය රශ්මිකා ඔහු වෙනුවෙන් විශේෂ සටහනක් තබයි..
error: Content is protected !!
Verified by MonsterInsights