Home ජීවිතයට යමක් ලංකාවේ අඩුම වියදමෙන් ශේප් වෙන්න පුළුවන් මෙන්න මේ දිස්ත්‍රික්කයේදීලු. ඔබ ඉන්නෙත් මෙහේද?

ලංකාවේ අඩුම වියදමෙන් ශේප් වෙන්න පුළුවන් මෙන්න මේ දිස්ත්‍රික්කයේදීලු. ඔබ ඉන්නෙත් මෙහේද?

0
545

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු අලුත්ම වාර්තාවට අනුව, මේ අවුරුද්දේ (2026) ජනවාරි මාසය වෙනකොට සාමාන්‍ය මනුස්සයෙක්ට තමන්ගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරගෙන ජීවත් වෙන්න සෑහෙන මුදලක් අවශ්‍ය වෙනවා.

වාර්තාවට අනුව, ලංකාවේ එක් පුද්ගලයෙක්ට මාසෙකට තමන්ගේ මූලික කෑම බීම සහ අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් රුපියල් 16,730 ක අවම මුදලක් අනිවාර්යයෙන්ම ඕනෑ කරනවා. මේක මුළු රටේම සාමාන්‍ය අගය (National Average) විදිහටයි සැලකෙන්නේ.

පසුගිය අවුරුද්දේ (2025) ජනවාරි මාසයේදී මේ අගය තිබුණේ රුපියල් 16,334ක් විදිහටයි. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත ජීවන වියදම තවත් වැඩි වෙලා.

දිස්ත්‍රික්ක අනුව බලද්දී හැමෝම පුදුම වෙන විදිහේ වෙනස්කම් ටිකක් තියෙනවා..

ඔන්න කොළඹ ඉන්න අයට නම් වැඩේ ටිකක් තදයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කෙනෙක්ට තමන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් මාසෙකට අවම රුපියල් 18,044 ක් වැය කරන්න වෙනවා.

අඩුම වියදම මොණරාගලට: ලංකාවේ අඩුම වියදමකින් ජීවත් වෙන්න පුළුවන් දිස්ත්‍රික්කය විදිහට වාර්තා වෙන්නේ මොණරාගල. එහේ ඉන්න කෙනෙක්ට රුපියල් 15,997 කින් වැඩේ ගොඩදාගන්න පුළුවන්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට මේ මිල ගණන් ඉහළ යන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉහළ යාමයි. සරලවම කිව්වොත්, බඩු මිල වැඩිවීම නිසා දරිද්‍රතා රේඛාවත් ඉහළටම ගිහින්.
Previous articleරගපෑම නිසාම හමුවූ බිරිද රගපෑම අවසානයේදී විවාහයෙන් කෙලවර වෙයිද ? තලපති විජේ ගැන ඇසෙන දුක හිතෙන ආරංචියක් මෙන්න
Next articleකාලය දීර්ඝ වුණා.. මෙන්න පාසල් සිසුන්ට විශේෂ ආරංචියක්..
error: Content is protected !!
Verified by MonsterInsights