අමෙරිකාවේ 🇺🇸 නිව් ජර්සි ප්‍රාන්තයේ කාන්තා සිරගෙදරකින් තමයි මේ පුදුම හිතෙන වගේම කණගාටුදායක සිදුවීම වාර්තා වෙන්නේ.
එරට නීතියට අනුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට (Transgender women) කාන්තා සිරගෙවල් වල ඉන්න අවසර ලැබිලා තියෙනවා. මේ නීතිය නිසා මිනීමැරුමකට අවුරුදු 30කට හිරේ ගිය ‘ඩෙමී මයිනර්’ කියන සංක්‍රාන්ති ලිංගික කාන්තාවත් දැම්මේ කාන්තා සිරගෙදරකටයි. හැබැයි ඇය ශල්‍යකර්මයකින් සම්පූර්ණයෙන්ම කාන්තාවක් බවට පත්වෙලා හිටියේ නැහැ.
ටික කාලෙකට පස්සේ බලධාරීන්ට හොයාගන්න ලැබෙනවා එතන හිටපු කාන්තා සිරකාරියන් දෙන්නෙක් ගැබ්ගෙන තියෙනවා කියලා. මේකට වගකියන්න ඕනේ අර සංක්‍රාන්ති ලිංගික සිරකාරිය බව පසුව තහවුරු වුණා.
මේ ගැබ්ගත්තු එක් සිරකාරියක් 2104 අවුරුද්ද වෙනකම්ම හිරේ ඉන්න ඕනේ කෙනෙක්. ඒ කියන්නේ මේ ඉපදෙන අහිංසක දරුවාට කවදාවත් හිරගෙදරින් පිට ලෝකෙක අම්මා තාත්තාගේ ආදරේ ලබන්න වෙන්නේ නැහැ 🥺. කාන්තා සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන මේ සිදුවීමත් එක්ක අමෙරිකාව පුරාම ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඔයාගේ අදහස පහළින් Comment කරන්න👇
#USANews #PrisonStory #TrueNews #WorldNews #ViralStory












